Posts

ඊයේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.26ට ‘ පෘථිවිය ආසන්නයෙන් ගිය ‘ ග්‍රාහකය ගැන ආරංචි ද

Image
විශාල ප්‍රමාණයේ  ග්‍රාහකයක්  ඊයේ(28) ශ්‍රී  ලංකාවේ  වේලාවෙන් රාත්‍රී  10.26ට පමණ පෘථිවිය ආසන්නයෙන් ගොස් තිබෙනවා. නාසා ආයතනය සඳහන් කළේ 2017 YZ4  නම් මෙය  පෘථිවිය හා චන්ද්‍රයා අතරින් ගමන් කළ බවයි. පෘථිවියට කිලෝමීටර් ලක්ෂදෙකක් ඉක්මවූ   දුරකින් එය ගමන් කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ක්‍රිම් නැතුව සම පැහැපත් කරගන්නේ මෙන්න මෙහෙමයි

Image
පංච කල්‍යාණය ගැන කතා කිරීමේදී ඡවි නොහොත් චර්ම කල්‍යාණයට විශේෂිත තැනක් හිමිවේ. ස්තී‍්‍ර පුරුෂ ජාති ආගම් භේදයකින් තොරව සියලූ දෙනාම හමේ වර්ණය ගැන හා නීරෝගීකම ගැන ඉමහත් අවධානයක් යොමු කරයි. හමේ වර්ණය කළු සුදු හෝ තලඑළලූ විය හැක. ලප කැලැල්වලින් තොර පැහැපත් හමක් පවතීනම් රූප අලංකාරය මනාව ඔප්නැං වෙයි. ආයුර්වේදයට අනුව හමෙහි පැහැපත් බව වැඩිකරගැනීමට භාවිත කරන ඖෂධ බොහොමයකි . සම අවලස්සන සහ රෝගී කරනා කුරුලෑ නැති කිරීම සඳහා පහත සඳහන් ඖෂධ යොදාගෙන  ඔබට ගෙදරදීම අත් බෙහෙතත් සාදා ගත හැක. පිපිඤ්ඤා යුෂ තේ හැඳි 1 යි දෙහි යුෂ තේ හැඳි 1/2 යි එළකිරි මේස හැඳි 1 යි මේ සියල්ල එකට කලවම් කර කොහොඹ කොළ තැම්බූ වතුරෙන් ස්ටීම් කර කුරුලෑ ඇති තැන්වල ආලේප කර විනාඩි 10 කට පමණ පසුව සෝදා හරින්න. අපේ රට උෂ්්ණාධික රටකි. එනිසා නිතරම දහදිය දැමීම සිදුවේ. ගෙල, මුහුණ, කිහිලි, ඉකිලි අත්ල, පියයුරු ප‍්‍රදේශය සහ කලවා ආශි‍්‍රතව ද වැඩි වශයෙන් දහදිය දැමීම සිදුවේ. දහදිය දැමූ පසුව සෑහෙන වේලාවක් ගිය විට කිහිලි ඉකිලි ආදි ස්ථානවලින් දුගඳ හමා එයි. මේ සඳහා බෙලිකොළ, නිිදිකුම්බා, කොහොඹ කොළ තම්බාගත් වතුරෙන් සිරුර සෝදා හරින්න. වෙනිවැල් ...

ලිංගික හිංසනයෙන් පීඩා විදින මෙක්සිකෝ ලලනාවෝ

Image
රූපාලංකරණයෙහිලා මෙක්සිකෝවේ ලලනාවන් දක්වන සමත්කම අන් කවර රටකවත් කාන්තාවන් තුළ නැතැයි සිතෙන තරම්ය. ඔවුහු මොටෝ රිය පදවන අතර තුර දෙනෙතේ අඳුන් ගල්වති. තේ හැන්දක් උපයෝගී කරගෙන ඇහිපිහාටු රුලි කරගැනීමට ඔවුන් දක්ෂය. අපේ සංස්කෘතිය අනුව නම් ඒ කාන්තාවන් සංකරය. එහෙත් ඔවුන්ගේ ජීවිත පෙනෙන තරම් සුන්දරද නැත. අද අප කතාකරන්නේ ඒ කාන්තාව හා සමාජ වටපිටාව ගැන තොරතුරු බිඳකි. මෙක්සිකෝව විශාලත්වයෙන් ලොව 14වෙනි රටයි. ජනගහනය අතින් නම් එකොළොස්වැන්නයි. ලොව කුඩාම බල්ලන් විශේෂය සිටින්නේ මෙක්සිකෝවේය. ඌ නම්කර ඇත්තේ එරට තිබෙන ප‍්‍රාන්ත දෙතිසෙන් එකක් වන චිහ්හුආ(Chihuahua) නමිනි. ලෝකයේ රටවල් අතර ඇති දේශසීමා අතරින් අමෙරිකා-මෙක්සිකෝ දේශසීමාව දෙවැනි වන්නේ අමෙරිකා-කැනඩා දේශසීමාවට පමණි. මෙක්සිකානුවෝ ඇසටෙක්, ඉන්කා, ප‍්‍රංශ, ස්පාඤ්ඤ හා අප‍්‍රිකානු ආදී ශිෂ්ටාචාරයන් රාශියක සංකලනයෙන් යුක්තය. වසර 300ක් පමණ කාලයක් ස්පාඤ්ඤ යටත්විජිතයක් වූයෙන් මෙක්සිකෝව ස්පාඤ්ඤ බස බහුලවම භාවිත කෙරෙන රාජ්‍යය ද වේ. 1519 දී පළමු ස්පාඤ්ඤ ආක‍්‍රමණිකයා එරටට ගොඩබට අවස්ථාවේ ඒ දේවාගමනයකැයි සිතූ ජනයා ඔහුට දෙවියන්ගේ පානය යැයි සැලකූ උණු චොක්ලට් පිරිනැමූ බව ...

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි.! ඉංජිනේරු,ජීව,වාණිජ ප්‍රථම ස්ථාන මාතරට. සියළු තොරතුරු මෙන්න.

Image
ලක්‍ෂ පහලොස්දහස් දෙසිය විසිහතක සිසුන්  පිරිසක්  බලාපොරොත්තුවෙන් සිටි මෙවර උසස් පෙළ ප්‍රතිඵල අද (28) අලුයම නිකුත් කෙරුණා. එම ප්‍රතිඵල ඔබට විභාග දෙපාර්තමේන්තුනේ http://www.doenets.lk වෙබ් අඩවියෙන් ඔස්සේ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙවර නිකුත් කල ප්‍රතිඵලයට අනුව ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානයත්,වාණිජ අංශයේ පළමු ස්ථානයත් හිමි කරගෙන ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනෙක් දෙදෙනෙක්. ඒ අනුව ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය දිලිණි සඳුනිකා ශිෂ්‍යාවත්, වාණිජ අංශයේ පළමු ස්ථානය  දුලානි රසන්තිකා ශිෂ්‍යාවත් හිමි කරගෙන තිබෙනවා. ඉංජිනේරු තාක්‍ෂණවේදය අංශයේ ප‍්‍රථම ස්ථානය හිමිවකර ගෙන ඇත්තේ මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදි රන්සිරිනි  ශිෂ්‍යාව විසින්. මෙවර භෞතික විද්‍යා අංශයේ ප‍්‍රථමයා බිහිවී ඇත්තේ පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශී‍්‍රධරන් දුවාරකන් කරන් සිසුවා හිමිකරගෙන ඇති අතර කලා අංශයේ ප‍්‍රථම ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවණේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් හිමි කරගෙන තිබෙනවා.

හතුරු සිංහ වැඩ බාර ගනියි

Image
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත අනුව පුහුණුකරුවකු තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස පත් නොකෙරෙන නමුත්  අවසානයේදී තෝරාගනු ලබන කණ්ඩායම සම්බන්ධයෙන් පුහුණුකරුවාටත් වගකීමක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ඒ අනුව ජනවාරි 7 වැනිදා පැවැත්වෙන ව්‍යවස්ථා සංශෝධනයේදී අවශ්‍ය වෙනස්කම්  කිරීමට සැලසුම්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී 20 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය. “අවසන් කණ්ඩායම (11 දෙනා) තෝරාගැනීමේදී පුහුණුකරුවාගේ ශක්තිය දුර්වල වුවහොත් පුහුණුකරුට අවශ්‍ය විදියට කණ්ඩායම හදාගෙන යාමට අමාරුයි. අපි දැක්කා මෙතන අඩුපාඩුවක් තියෙනවා.” “පුහුණුකරු සහ විශේෂයෙන් කණ්ඩායමේ නායකයා අවසානයට තෝරාගන්නා කණ්ඩායමේ කොටස්කරුවන් විය යුතුයි. වර්තමාන ව්‍යවස්ථාව අනුව පුහුණුකරු තේරීම් කමිටුවේ සාමාජිකයෙක් වෙන්න බෑ. අපි ඔහුව වගකීමට සහ වගවීමට තල්ලු කරනවානම් වගකීමත් එක්ක වගවිමටත් නෛතික භාවයක් දිය යුතුයැයි” තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා ව...

වසර 24 ක් පැරණි කලලයකින් නීරෝගී දරුවෙකු බිහිකරයි

Image
වසර 24 ක් තිස්සේ මුදවා තැබුණු කලළයකින්, නිරෝගී දරු උපතක් සිදුවුණු බව ඇමෙරිකා ජාතික කලළ දායක පර්යේෂණාගාරය මාධ්‍ය හමුවේ අනාවරණය කළේය. දරුවන් නැති යුවල සඳහා කලළ තැම්පත් කිරීම මේ වනවිට ලොව බහුලව සිදු කෙරෙන ඉතා සාර්ථක ක්‍රියාවලියකි. කෙසේ නමුත්  දශකයකට ආසන්න කාලයක් ආරක්ෂිතව ‘මුදවා තැබුණු’ කලළයකින් නිරෝගී දරු උපතක් සිදුවීම වෛද්‍ය විද්‍යාවේ පෙරැළියක් බව ‘ඇමෙරිකානු ජාතික කලළ දායක මධ්‍යස්ථානය’ වැඩි දුරටත් පවසා ඇත. වසර 24 ක් පැරැණි කලළයෙන් දරුවකු බිහි කළේ ඇමෙරිකාවේ ටෙනීසි ජනපදයේ මවකි. ඇය 26 හැවිරිදි ටීනා ගිබ්සන්ය. ටීනාගේ සැමියා බෙන්ජමින් ගිබ්සන් රෝගී තත්ත්වයන් කිහිපයක් නිසා නිසරුබවෙන් පෙළෙයි. දරුවන් නැති නිසා දෙදෙනා දරුවකු හදා ගැනීමට සූදානම් වුණු බවත් එම අවස්ථාවේදී වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් ඔවුන් ඇමෙරිකා ජාතික කලළ දායක පර්යේෂණාගාරයට යොමු කෙරුණු බවත් වාර්තා වේ. ඇමෙරිකානු ජාතික කලළ දායක පර්යේෂණාගාරයේ ප්‍රධානී කැරොල් සොමර්ෆෙල්ට් කලළ තැම්පත් කෙරෙන ආකාරය පහදා දී මුදවා තැබුණු කලළවල ඡායාරූප සටහන් පවා ගිබ්සන් යුවලට පෙන්වා ඇති අතර ටීනා ඇය කැමැති කලළය තෝරා ගත් බව ද පැවැසෙයි. මෙම කලළය ‘මුදවා’...

සැමියාගේ මල සිරුර සමග යහන්ගත වන නයිජීරියානු ලලනාවෝ

Image
නයිජීරියාව සම්බන්ධයෙන් ලෝකයේ අවධානය වැඩිපුරම යොමුවුණේ බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන් විසින් පාසල් දැරියන් 300කට අධික පිරිසක් පැහැර ගනු ලැබීමත් සමගය. වසරකටත් වඩා කාලයක් ගතවුවත් හැඬූ කඳුළින් සිටි දෙමාපියන් හමුවට යළි පැමිණියේ ත‍්‍රස්ත ම්ලේචිඡුයන්ට දාව උපන් දරුවන් හෝ දරුගැබ් සහිත දැරියන්ය. ඒ සැම දෙනෙක්ම ත‍්‍රස්තයන් අතින් කායිකව මෙන්ම මානසිකව ද කුරිරු ලෙස හිංසනයට හා දූෂණයට ලක්ව සිටියහ. අන්තවාදී කැරලිකරුවන් නිසා නයිජීරියානු දැරියන්ට මේ කණගාටුදායක තත්ත්වය උදා වුවත් තවමත් එරට පවතින ගෝත‍්‍රික සමාජය තුළද කාන්තාවන් සම්බන්ධයෙන් ඇත්තේ එතරම් සුවදායී වාතාවරණයක් නොවන බව පෙනේ. ගෝත‍්‍රික කාන්තාවන් ලිංගික වශයෙන් සුන්නත් කිරීම ඊට දිය හැකි එක් නිදසුනක් පමණි. ගුප්ත කටයුතු හා කට්ටඬිකම් පිළිබඳ නයිජීරියානුවන් තුළ ඇති පිළිගැනීම ඉතා ඉහළය. මෙය වැඩිපුරම දැකිය හැක්කේ එඩෝස් නමැති ගෝත‍්‍රික ජන කණ්ඩායම තුළය. කොතැනක හෝ සිදුවන කාන්තාවකගේ හෝ පුරුෂයෙකුගේ මරණයට හේතුව ගුරුකමකැයි සැක සිතුනහොත් එම ගුරුකම කළ බවට සැක කෙරෙන තැනැත්තා කට්ිටඬියෙකු හෙවත් යකැදුරෙකු වෙත යොමු කෙරේ. සත්‍යය හෙළි කර ගැනීමට දෙනු ලබන අනන්ත දුක් පීඩා අ...