ක්‍රිම් නැතුව සම පැහැපත් කරගන්නේ මෙන්න මෙහෙමයි
පංච කල්‍යාණය ගැන කතා කිරීමේදී ඡවි නොහොත් චර්ම කල්‍යාණයට විශේෂිත තැනක් හිමිවේ. ස්තී‍්‍ර පුරුෂ ජාති ආගම් භේදයකින් තොරව සියලූ දෙනාම හමේ වර්ණය ගැන හා නීරෝගීකම ගැන ඉමහත් අවධානයක් යොමු කරයි. හමේ වර්ණය කළු සුදු හෝ තලඑළලූ විය හැක. ලප කැලැල්වලින් තොර පැහැපත් හමක් පවතීනම් රූප අලංකාරය මනාව ඔප්නැං වෙයි. ආයුර්වේදයට අනුව හමෙහි පැහැපත් බව වැඩිකරගැනීමට භාවිත කරන ඖෂධ බොහොමයකි .
සම අවලස්සන සහ රෝගී කරනා කුරුලෑ නැති කිරීම සඳහා පහත සඳහන් ඖෂධ යොදාගෙන ඔබට ගෙදරදීම අත් බෙහෙතත් සාදා ගත හැක.
පිපිඤ්ඤා යුෂ තේ හැඳි 1 යි
දෙහි යුෂ තේ හැඳි 1/2 යි
එළකිරි මේස හැඳි 1 යි
දෙහි යුෂ තේ හැඳි 1/2 යි
එළකිරි මේස හැඳි 1 යි
මේ සියල්ල එකට කලවම් කර කොහොඹ කොළ තැම්බූ වතුරෙන් ස්ටීම් කර කුරුලෑ ඇති තැන්වල ආලේප කර විනාඩි 10 කට පමණ පසුව සෝදා හරින්න.
අපේ රට උෂ්්ණාධික රටකි. එනිසා නිතරම දහදිය දැමීම සිදුවේ. ගෙල, මුහුණ, කිහිලි, ඉකිලි අත්ල, පියයුරු ප‍්‍රදේශය සහ කලවා ආශි‍්‍රතව ද වැඩි වශයෙන් දහදිය දැමීම සිදුවේ. දහදිය දැමූ පසුව සෑහෙන වේලාවක් ගිය විට කිහිලි ඉකිලි ආදි ස්ථානවලින් දුගඳ හමා එයි.
මේ සඳහා බෙලිකොළ, නිිදිකුම්බා, කොහොඹ කොළ තම්බාගත් වතුරෙන් සිරුර සෝදා හරින්න.
වෙනිවැල් ගැට තැම්බු වතුරෙන් ඇඟ සේදීමද ගුණදායකය. එමෙන්ම බෙලි කොළ ගෙන අඹරා තලපයක් සේ සාදා ඉකිලි කිහිලි යට ආලේප කර පැය භාගයකට පමණ පසු සෝදා හැරීම මගින්ද දහඩිය දුඟද දුරුකර ගත හැක.
මුහුණේ ලප කැලැල් විවිධ හේතුන් නිසා ඇති වෙයි. එවැනි ලප කැලැල් සඳහා ආයුර්වේදීය ආලේපනයක් ලෙස පහත ඖෂධය භාවිත කළ හැක.
වෙනිවැල් ගැට තැම්බු වතුරෙන් ඇඟ සේදීමද ගුණදායකය. එමෙන්ම බෙලි කොළ ගෙන අඹරා තලපයක් සේ සාදා ඉකිලි කිහිලි යට ආලේප කර පැය භාගයකට පමණ පසු සෝදා හැරීම මගින්ද දහඩිය දුඟද දුරුකර ගත හැක.
මුහුණේ ලප කැලැල් විවිධ හේතුන් නිසා ඇති වෙයි. එවැනි ලප කැලැල් සඳහා ආයුර්වේදීය ආලේපනයක් ලෙස පහත ඖෂධය භාවිත කළ හැක.
කෝමාරිකා යුෂ මේද හැඳි 2ක් , කරාබු නැටි 1 ක් , හොඳින් තලා කුඩු කර මී කිරි යොදය මේස හැඳි 1ක් දමා ලෙමන් බින්දු 2ක් මිශ‍්‍රකොට ආලේපනයක් සාදා කළු ලප කැලැල් මත ආලේප කරන්න. කපු පුඵන් කෑල්ලකින් පහසුවෙන් ආලේප කළ හැකිය. විනාඩි 20කින් සෝදා හරින්න.
අලිගැටපේර මදයේ ලෙල්ල ආශි‍්‍රතව ඇති කොළ පැහැයට හුරු මදය සුරා තලපයක් සේ සාදා මුහුණේ ආලේප කිරීම මහින්ද ඔබේ සම පැහැපත් වෙයි.
තවද කෝමාරිකා මදය ගෙන පැයක් පමණ ශීතකරණයේ තබා ගෙන එයට මී පැණි හා දෙහි යුෂ කලවම් කර මුහුණේ ආලේප කර පැය 2 කට වැඩි කාලයක් තබා ඇල්දියෙන් සෝදා හැරීමද ඔබේ මුහුණ පැහැපත් කරනා ක‍්‍රමයකි.
හමෙහි වර්ණය වැඩිකරගැනීමට උපකාර වන වර්ණ කාරක ද්‍රව්‍ය රාශියක් ආයුර්වේදයේ ඇත. ඒ අතර රත්හඳුන්, සැවැන්දරා මුල්, කිරිබඳු අල, වැල් මී, ඉරමුසු, කහ, රංකහ, කස්තුරි, වෙනිවැල්ගැට වැනි එ්වා වෙයි. මේවා විවිධාකාරයෙන් ආලේපකර ගැනීිමෙන් හෝ ඇඟට ඇතුල් කර ගැනීිම මගින් හම පැහැපත් වීම සිදු වෙයි.
මෙයට අමතරව හමෙහි අළුහම් තිබේ නම් එයද හම රෝගී කරන දිලීර තත්ත්වයකි. මේ නිසා හමෙහි පැහැය මෙන්ම දිලිසෙන ගතිය නැතිවේ. වරින් වර කැසීමට පටන් ගනී. මේ සඳහා වද කහ, සුවඳ කොට්ටං, අගිල්, ගම්මිරිස් සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා මැටි භාජනයක දමා දින 7 ක් පොළොව යට වළලා තබා ගෑමෙන් සුදු වෙයි.
මෙයට අමතරව හමෙහි අළුහම් තිබේ නම් එයද හම රෝගී කරන දිලීර තත්ත්වයකි. මේ නිසා හමෙහි පැහැය මෙන්ම දිලිසෙන ගතිය නැතිවේ. වරින් වර කැසීමට පටන් ගනී. මේ සඳහා වද කහ, සුවඳ කොට්ටං, අගිල්, ගම්මිරිස් සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා මැටි භාජනයක දමා දින 7 ක් පොළොව යට වළලා තබා ගෑමෙන් සුදු වෙයි.
කුෂ්ට දද ඇති විටකදී මදුරු තලා කොළ , පුෂ්කර ඇට පුලූස්සා ගත් අළු හා ගෙන්දගම් සමව ගෙන දෙහි ඇඹුලෙන් අනා ආලේප කිරීම සුදුසුය.
සමෙහි ඇතිවන අපිරිසිදු ලොම් ඉවත් කිරිම තුළිින්ද හම පැහැපත් වේ. මේ සඳහා හක්බෙලි කටු, ඔලිද කොළ විනාකිරි වලින් අඹරා අනවශ්‍ය රෝම වැඩිපුර ඇති තැන්වල ආලේප කර පංච වල්කන පොතු වන (නුගපොතු, බෝපොතු අත්තික්කා, ගංසුරිය, ඇහැළපොතු) වැනි ඖෂධීය ජලයෙන් මුහුණ සේදීමෙන් අනවශ්‍ය අපිරිසිදු රෝම ඉවත් වී සම පැහැපත් වී පිරිසිදු වේ.
සම මතුපිට ඇති වන ඉන්නන්ද ඔබේ පෙනුම අවලස්සන කරයි. ඉන්නන් සඳහා කෝමාරිකා මද දෙහි ඇඹුලෙන් ගෑම හොඳ ඔසුවකි.
මේ දිනවල උදෑසන තද සීතල ගතියක් පැවැතියද දහවලේ ඇත්තේ දැඩි වියළි බවකි. මෙම දේශගුණික තත්ත්වය හම වියළී කොරල ඇති වීමට හේතුවෙයි. එවැනි අවස්ථාවල තල ස්වල්පයක් පිරිසිදුව කොටා රට ඉදි සමඟ මිශ‍්‍රකර දෙහි ගෙඩියක ප‍්‍රමාණයක් ආහාරයට ගැනීිමෙන් හමේ වියළි බව නැති කරගත හැක.
දේශීය විකිත්සාවට අනුව සම පැහැපත් කර ගත හැකි ආලේපන පිළිබඳ වන මේ ලිපිය නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රුවිනී ප‍්‍රීතිකා මෙන්ඩිස් සමග සාකච්ඡා කර ලියවෙන්නකි.
උපුටා ගැනීම ලංකාදීප
Comments
Post a Comment