වාහන මිල අඩුවෙයි.යතුරු පැදියක මිල භාගෙකින්ම පහලට.අන්තර්ජාල මිලත් පහලට
වාහන මිල අඩුවෙයි.යතුරු පැදියක මිල භාගෙකින්ම පහලට.අන්තර්ජාල මිලත් පහලට
එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.
මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
මේ අතර
අන්තර්ජාල සේවා සඳහා පනවා තිබූ 10%ක විදුලි සංදේශ බද්ද 2017 සැප්තැම්බර්
01 වැනිදා සිට ඉවත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා
පවසයි.

Comments
Post a Comment