උසස් පෙළ රසායන විද්‍යාව දෙවන පත්‍රය පිට වෙලා ? විභාගය නැවත පවත්වයිද ?
උසස් පෙළ රසායන විද්‍යාව දෙවන පත්‍රය පිට වෙලා ? විභාගය නැවත පවත්වයිද ?
ඒ උසස්පෙළ විභාගයේ ඊයේ (19) පැවැති රසායන විද්‍යාව II ප්‍රශ්න පත්‍රය අවසන් වී විභාග ශාලාවෙන් එළියට පැමිණි ගම්පහ පාසලක සිසුවියන් පිරිසකට බෙදූ බව කියන අත්පත්‍රිකාවක රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න හා සමාන ප්‍රශ්න 3ක් තිබී හමූවීමෙන් පසුවයි.
තමා විසින් ලබා දුන් අනුමාන ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 3ක් මෙවර විභාගයට පැමිණ ඇති බවත්, ලබන වසරේ සිට ගම්පහ ප්‍රදේශයේ පන්ති ආරම්භ කරන බවත් එම පත්‍රිකාවේ සඳහන්ව තිබුනා.
කෙසේ නමුත් එම අත් පත්‍රීකාව මුද්‍රණය කළ ගුරුවරයා රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පැමිනෙන ගැටලු දැන ගත්තේ කෙසේද යැයි සැකයක් මේ වනවිට උසස් පෙළ විභාගය පෙනි සිටි දරුවන්ගේ හා ඔවුන්ගේ මවුපියන්ට ඇති තිබෙන බව පෙනී යනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ උපකාරක පන්ති තරඟයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවී ඇති බවයි.
මේ නිසා සිසුන්ගේ මානසිකත්වය බිඳ වැටෙන බවත් ඔහු ප්‍රකාශ කළා.
කෙසේ නමුත් විභාග දෙපාර්තමේන්තුවෙන් හෝ රජයෙන් තවමත් මේ පිළිබදව කිසිදු ප්‍රකාශයක් කොට නැත
Comments
Post a Comment