ඕස්ට්‍රේලියාවේ බුර්කාව තහනම් කරන්න මන්ත්‍රීවරිය කරපු අමුතු වැඩේ .!
"ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාර ඕස්ට්‍රේලියාවට එල්ල විය හැකියි, ජාතික ආරක්ෂාවට බුර්කාව තර්ජණයක්" - ඕස්ට්‍රේලියාවේ බුර්කාව තහනම් කරන්න මන්ත්‍රීවරිය කරපු අමුතු වැඩේ .!
එසේ පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලීයාවේ එරට වන් නේෂන් පක්ෂයේ නායිකා පෝලින් හැන්සන්ය.
ඇය සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ විමතියට හේතු වී ඇති අතර ඇය පවසන්නේ සම්පූර්ණ මුහුණු ආවරණය නිසා ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු මතු විය හැකි බවයි.
එරට පාර්ලීමේන්තුවේදී වර්තමානයේ යුරෝපය ඇතුළු බටහිර ලෝකය මුහුණදෙන ත්‍රස්ත ප්‍රහාර ඇය සිහි කැඳවා ඇති අතර මේ තත්වය මත ඕස්ට්‍රේලියාවටද ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බව ඇය පවසා සිටිනවා. බුර්කාව තහනම් කිරීමට ඇය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ මෝසම ඊයේ දිනයේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණි.
මන්ත්‍රීවරිය සිදුකළ ක්‍රියාව ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබීම විශේෂ්ත්වයකි.

Comments
Post a Comment