ක්‍රීඩා ඇමතිගෙන් ගුරුසිංහට ‘රෙඩ් කාඩ්‘.. - ක්‍රීඩකයන්ගෙන්,පුහුණුකරුවන්ගෙන් පැමිණිළි - සිංහ පිලේ අන්ත පරාජයන්ට වගකිව යුත්තේ මොහුද?

ක්‍රීඩා ඇමතිගෙන් ගුරුසිංහට ‘රෙඩ් කාඩ්‘.. - ක්‍රීඩකයන්ගෙන්,පුහුණුකරුවන්ගෙන් පැමිණිළි - සිංහ පිලේ අන්ත පරාජයන්ට වගකිව යුත්තේ මොහුද?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ මහතාගේ සේවා දායකත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් ගුරුසිංහ එම තනතුරෙන් ඉවත් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වන ලදැයි වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය අඟහරුවාදා (15දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගොස් එහි නිලධාරීන් හා පුහුණුකරුවන් සමඟ කරන ලද විශේෂ සාකච්ඡාවකින් පසුව ගුරුසිංහ ඉවත් කළ යුතු යැයි යන අදහස ක්‍රිකට් සභාපතිවරයා වෙත වාචිකව දන්වා ඇති බවද එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අදාළව එතෙක් නොතිබූ නව තනතුරක් ලෙස ක්‍රිකට් කළමනාකරු තනතුරට පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අසංක ගුරුසිංහ පත්කරන ලද අතර ඉන් පසුව කාලය සලකා බැලූ විට ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලද පරාජයන්ද මෙකී තීරණයට ආසන්නම හේතුව බවද පැවැසේ.
තවද එසේ ලැබූ ආයහපත් ප්‍රතිඵල නිසාම පමණක් නොව නව ක්‍රිකට් කළමනාකරුවා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ක්‍රීඩකයන්ගෙන් මෙන්ම ඉන් බාහිරවද ලැබුණ ප්‍රතිචාර හා පැමිණිලිද ක්‍රිකට් කළමනාකරු ගුරුසිංහ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අපැහැදීමට තවත් එක් හේතුවක් බවද දැනගන්නට ඇත.
නිමා වූ ටෙස්ට් තරගාවලියේ තරග පැවැත්වෙන කාලය තුළදී පවා ක්‍රිකට් කළමනාකරුවා සහ කණ්ඩායමේ සමහර ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් අතර මත ගැටුම් ඇති වූ බවටද වාර්තා වූ අතර කෙසේ වෙතත් ගුරුසිංහ ක්‍රිකට් කළමනාකරු තනතුරෙන් ඉවත් කිරීමේ තීරණය බොහෝ විට දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිදුකෙරෙන බවද ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලින් තවදුරටත් පැවැසේ. එතෙක් ඔහුට පවරා ඇති තේරීම් කටයුතු ඇතැළු සියලු රාජකාරිවලින්ද ඉවත් කොට තබන ලෙසද ඇමැතිවරයා වැඩිදුරටත් දන්වා ඇතැයිද වාර්තා වේ.
තවද අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනය වෙත ගොස් පැවැති එම රැස්වීමේදී පුහුණුකරුවන්, භෞතචිකිත්සක, වෛද්‍යවරුන් හා අභ්‍යාසක යන ජාතික ක්‍රිකට් කණ්ඩායමට අදාළ සියලුම සහාය කාර්යමණ්ඩල සාමාජිකයන් සමඟද සංවාදයක යෙදී ඇති අතර ඉන් පසුව අමාත්‍යවරයා ඔවුන් වෙත දන්වා ඇත්තේ වෙනදා නොලැබූ ආකාරයේ අන්ත පරාජයක් ශ්‍රී ලංකා පිලට උරුම වීම පිළිබඳව තම තමන්ගේ වාර්තාවක් හැකි ඉක්මනින්ම සපයන ලෙසයි.
කෙසේ වෙතත් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීමට කිසිසේත්ම තමන්ට වුවමනාවක් නැතැයි එහිදී කියා ඇති අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ එළැඹෙන එක් දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එකිනෙකා පෞද්ගලිකව හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න