අතේ ඇඟිලි සයිස්..ලංකාවේ ගන්නත් නෑ - කොළඹ හා මාතර බන්ධනාගාරයෙන් දුර්ලභ ගණයේ සුපිරි බඩු දෙකක් හමුවෙයි

අතේ ඇඟිලි සයිස්..ලංකාවේ ගන්නත් නෑ - කොළඹ හා මාතර බන්ධනාගාරයෙන් දුර්ලභ ගණයේ සුපිරි බඩු දෙකක් හමුවෙයි


මෙරට වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට පවා නොහැකි ඉතා දුර්ලභ ගණයේ කුඩා ජංගම දුරකතන දෙකක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ මාතර බන්ධනාගාරයේදී සිදුකළ සෝදිසියකදී සොයාගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරක්ෂක අංශ සමත්ව තිබේ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී සොයා ගත් ජංගම දුරකතනය අතේ ඇඟිල්ලක් ප්‍රමාණයේ එකක් බවද මාතර බන්ධනාගාරයෙන් සොයාගත් දුරකතනය කුඩා අත් ඔරලෝසුවකට සමාන දුරකතනයක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මින් පෙර කිසිදු අවස්ථාවක මෙවැනි දුරකතන සිරකරුවන් සතුව තිබියදී සොයාගෙන නැති බවද අනාවරණය වෙයි.
විශාල ප්‍රමාණයේ ජංගම දුරකතන බන්ධනාගාරයට ගෙන ඒමේ අපහසුව නිසා හිරකරුවන් මෙවැනි කුඩා ජංගම දුරකතන ගුද මාර්ගයේ සඟවා ගෙන බන්ධනාගාරවලට ගෙන ඒමට පෙලඹී ඇති බවද මේ ජංගම දුරකතන සොයාගැනීමෙන් හෙළිවන බවද දැනගැනීමට තිබේ.
මේ පිළිබඳව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරි කේ.කේ.එස්. කොඩිතුවක්කු මහතාගේ සහ මාතර බන්ධනාගාර සහකාර අධිකාරි ධම්මික යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් මෙවැනි තවත් ජංගම දුරකතන ඇත්දැයි සොයා බැලීම සඳහා ඉදිරියේදී බන්ධනාගාරවල දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්ය.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න