"පාලකයන්ට විරෝධය පා ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් විරෝධතාවයේ- දහස් ගණන් එකට එක්ව හූ කියයි" 

"පාලකයන්ට විරෝධය පා ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් විරෝධතාවයේ- දහස් ගණන් එකට එක්ව හූ කියයි" 


සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු නවයක පහසු  ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. පරාජයෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තරගය අවසන් වීමේන් පසුව දඹුල්ල ක්‍රීඩා පිටිය තුල සහ ඉන් පිටත විරෝධතාවයක නිරතව තිබෙනවා.
තරගය අවසන් වී ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලය බලා යෑමට සුදානම්ව සිටි අවස්තාවේ අවස්ථාවේ ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයින්ට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි විරෝධතාවයක් වූ අතර ක්‍රීඩකයින් හා ක්‍රිකට් බලධාරීන් පිටත් කර යැවීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදු වුණා
තරගය අවසන් වනවාත් සමග ක්‍රීඩා පිටිය මැදට පැමිණි ක්‍රීඩා ලෝලීන් මෙලෙස සිය විරෝධය පාන්නට වූ අතර පොලිසිය පැමිණ පිරිස ක්‍රීඩාංගනයෙන් ඉවත් කළා.
මේ අවස්තාවේදී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අමුත්තන්ගේ කාමරයේ සිට ඒ දෙස බලා සිටින අකාරයද දැක ගත හැකි වුණා.
ඉන්පසුව ක්‍රීඩා පිටියෙන් ඉවතට පැමිණි ක්‍රිකට් රසිකයන් මාධ්‍ය හමුවෙන් පසු ක්‍රීඩකයන් පිටතට පැමිණීමට සුදානම් වෙද්දී දිගින් දිගටම හු කියමින් ක්‍රිකට් බලධාරීන්ට සිය විරෝධය එල්ල කළා.
මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා පිටියෙන් ඉවතට ගෙන යෑමට පොලිසියට දැඩි  ආරක්ෂාවක් යොදවන්නට සිදුවන අයුරු දැක ගත හැකි වූවා.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දිගින් දිගටම හිමිවන පරාජයන් රැල්ල අවසන් නොවීමත් , ඒවාට නිසි විසදුම් සෙවීමට බලධාරීන් හා ක්‍රීඩකයන් අසමත් වීමත් මෙලෙස ක්‍රීකට් රසිකයන් විරෝධතා ඇරඹීමට හේතූ වී ඇති බව සදහන්.



Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න