පියාගේ දේහයට වැඳ, ශිෂ්‍යත්වය ලියන්න ගිය සඳමාලි

පියාගේ දේහයට වැඳ, ශිෂ්‍යත්වය ලියන්න ගිය සඳමාලි



ඊයේ පැවති 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියක්  විභාග දිනට දෙදිනකට පෙර දින මියගිය තම පියාගේ දේහය නිවසේ තිබියදී  දේහයට වැඳ අවසර ගෙන විභාගයට යාමේත් සිදුවීමක් සුරියවැව විහාරගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අවුරුදු 52ක් වයසැති එම් පී සෝමදාස නමැති ඇගේ පියා අකල් මරණයකට ගොදුරු වූයේ මොළයේ පිළිකාවක් වැළදීම හේතුවෙන්.
දියණියන්  6 දෙනෙකු එම පවුලට සිටින අතර වැඩිමහල් දියණියන් දෙදෙනා  විවාහවී වෙනම සිටින බවත් ඉතිරි සිවු දෙනා  පාසල් යන බවත් වාර්තා වුණා.
හර්ෂි සඳමාලි නමැති දැරිය මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අතරම තවත් දැරියක මේ වසරේ උසස් පෙළටද පෙනී සිටිනවා.
ඉතා කෙටි කාලයක් තුළ පියාගේ අසනීපය වාර්තාවී තිබෙන අතර ඔහු මියගොස් ඇත්තේ පසුගිය 18 වනදායි.
දැරියගේ මව මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්නක්.
“මිය ගියේ මගේ මහත්තයා.එක සැරේටම තමයි මගේ මහත්තයා ලෙඩ වුණේ.අපිටත් මේ මොනවත් හිතාගන්න බැ.මහත්තයා රස්සාවට කලේ මේසන් වැඩ කරන එක.අපි කවුරුත් ජිවත් වුනේ මහත්තයාට ලැබෙන මුදලින්. මහත්තයාගේ දේහය ගේ ඇතුලේ තියෙද්දී තමයි චූටි දුව ශිෂ්‍යත්ව විභාගයට ගියේ. මහත්තයා අන්තිමටම අසාධ්‍ය වුණ දවසෙත් මට කිව්වේ මං නැති වුනත් දරුවෝ ටිකට හොදට උගන්වන්න කියලා.‘
මහත්තයාගේ දේහය ගේ ඇතුලේ තියෙද්දී තමයි චූටි දුව ශිෂ්‍යත්ව විභාගයට ගියේ. මහත්තයා අන්තිමටම අමාරු වුණ දවසෙත් මට කිව්වේ මං නැති වුනත් දරුවෝ ටිකට හොදට උගන්වන්න කියලා…”

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න