"රටේ ජනතාවට නිදහස දුන්නු මට අද නිදහස අහිමි වෙලා - මට විරුද්ධව පොදුරාජ්‍ය මණ්‌ඩලයට පවා මේ අය පැමිණිලි කරලා" හිටපු ජනපතිගේ සංවේදී කතාව .!


"රටේ ජනතාවට නිදහස දුන්නු මට අද නිදහස අහිමි වෙලා - මට විරුද්ධව පොදුරාජ්‍ය මණ්‌ඩලයට පවා මේ අය පැමිණිලි කරලා" හිටපු ජනපතිගේ සංවේදී කතාව .!


රටේ සියලුම ජනතාවට නිදහස ලබා දුන් තමන්ට අද නිදහස අහිමි ව ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ කථිකාචාර්ය ජුලම්පිටියේ මංගල හිමියන් විසින් රචිත "දෙමළ භාෂාව (ක්‍රියාපද විවරණය) නැමැති ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
එම අවස්තාවේ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙසේද පවසා සිටියා.
"අද සංහිඳියාව ගැන කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ යුද්ධය අවසන් කරපු නිසයි. අපි අද එකට ජීවත්වෙනවා. අපි මේ රට ගොඩනඟන්න ඕනේ. අපි යුද්ධය ඉවර කළා. එය දෙමළ ජනතාව එරෙහිව කළ යුද්ධයක්‌ නොවෙයි. ත්‍රස්‌තවාදයට විරුද්ධවයි අපි යුද්ධ කළේ. අද හැමෝටම එකට නිදහසේ යන්න එන්න පුළුවන්. ඒත් මට ඒ නිදහස නැහැ. මට විරුද්ධව පොදුරාජ්‍ය මණ්‌ඩලයට. ඇමරිකාවට පවා පැමිණිලි කරලා. මේ අය මට සලකන්නේ මෙහෙමයි.
අපට නිදහස නැති වුණත් රටේ ජනතාවට නිදහස ලැබිලා තියෙනවා. ආගම් ලෙස ජාති ලෙස භාෂා ලෙස බෙදිලා රටකට ඉදිරියට යන්න බැහැ. භාෂාව පිළිබඳව දැනුම අපි වර්ධනය කරගන්න ඕනේ. සිංහල භාෂාව වගේම දෙමළ භාෂාවත් අපි ඉගෙන ගන්න ඕනේ. අපේ දරුවන්ට දෙමළ සිංහල භාෂා උගන්වන්න ඕනේ. වතුකරයේ, උතුරු නැගෙනහිර පවා බුදු දහම පතුරුවන්න දෙමළ භාෂාව වැදගත්a. උතුරේ පවතින පුරාවිද්‍යා ස්‌ථාන මේවා එක ජාතියකට පමණක්‌ අයිති නැහැ. ඒවා විනාශ කරලා ඉතිහාසය මකා දමන්න ඉඩ දෙන්න පුළුවන්කමක්‌ නැහැ"
පසුගියදා කොළඹ බස්‌නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වුණු මෙම උත්සවය සඳහා විපක්‌ෂනායක ආර්. සම්බන්ධන් ඇතුළු ආරාධිත අමුත්තන් සහභාගීව සිටියා.


Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න