" පුහුණුවීම් වලට එන්නෙ නැති - ව්‍යායාම කරන්නෙ නැති ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තු දෙන්න එපා " කණ්ඩායම ගොඩ ගන්න මහේල ජයවර්දනගෙන් සුපිරි යෝජනා .!
" පුහුණුවීම් වලට එන්නෙ නැති - ව්‍යායාම කරන්නෙ නැති ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තු දෙන්න එපා " කණ්ඩායම ගොඩ ගන්න මහේල ජයවර්දනගෙන් සුපිරි යෝජනා .!
බොහෝ රසිකයන් ක්‍රීඩකයන් විවේචනය කරද්දි ක්‍රීඩකයන් ආරක්ෂා කරමින් පාලනාධිකාරියට වෙත මහේලගේ විවේචන එල්ල වූවා.
කෙසේ වෙතත් ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියේ රසිකයෙකු අසා තිබු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙතෙක් ක්‍රීඩකයන් කෙරෙහි දැක්වූ සානුකම්පිතබව අත් හැර අලස ක්‍රීඩකයන් සදහා කළ යුතු දේ මහේල පවසා තිබුනා.
එහිදි ක්‍රීඩා වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මාධ්‍යයට හෙළි කළ කරුණු අඩංගු ලිපියක් උපුටා දැක්වූ මෙම රසිකයා මහේලගෙන් අසා ඇත්තේ ” ක්‍රීඩකයන් අහිංසකයි කියමින් ඔබ අදහස් කරන්නේ කුමක්ද ? මෙම ලිපිය පිළිබද ඔබගේ අදහස කුමක්ද ? ” යනුවෙනි.
එයට පිළිතුරු දෙමින් මහේල පවසා තිබුනේ තමන් එම ලිපිය කියවූ බවත් ක්‍රිඩකයන් හා පාලන අධිකාරියේ යන දෙපිරිසම වැරදි බවත් ය.
සිය පෙර පුහුණුවීම් හා ව්‍යායාම නිසි ලෙස සිදු නොකරන ක්‍රීඩකයන්ට ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබා නොදෙන ලෙසද මහේල ජයවර්දන මෙහිදි කියා සිටියා.
මහේල ගේ එම ට්විටර් පණිවිඩය පහතින්
Comments
Post a Comment