නිර්ණාමික ඇමතුම් ලැබුණේ අධ්‍යක්ෂවරුන්ගෙන්ද?..‘‘ඔහොම කළොත් වැඩ වරදී..‘‘ - නිරුවත ගැන කතා කරපු සුරූපි ශෂී ඇන්ජලීනාට මොකද වුණේ?


නිර්ණාමික ඇමතුම් ලැබුණේ අධ්‍යක්ෂවරුන්ගෙන්ද?..‘‘ඔහොම කළොත් වැඩ වරදී..‘‘ - නිරුවත ගැන කතා කරපු සුරූපි ශෂී ඇන්ජලීනාට මොකද වුණේ?


ශෂී ඇන්ජලීනා කියන්නේ කවුරුත් දන්න කියන චරිතයක්.බොහෝ මියුසික් වීඩියො වලින් අපට දකින්න ලැබෙන ශෂී පසුගිය දවසක කළ ප්‍රකාශයක් කා අතරත් කතා බහට ලක්වුණා.රඟපෑමට ආරාධනා කළ අධ්‍යක්ෂවරු 6 දෙනකුම තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ නිසා ඒ නිර්මාණ 6ම අතහැර දැමූ බවට ශෂී කළ ප්‍රකාශය තමයි මේ උණුසුම් පුවතට හේතු වුණේ.ඒ විතරක් නෙමෙයි මේ කතාවෙන් පස්සේ ඇයට බොහෝ නිර්නාමික දුරකථන ඇමතුම් ලැබුණා කියලත් ඇය කියනවා.මේ ඇය ඒ ගැන පුවත්පතකට කියපු කතාවක්..

පසුගියදා ශෂී කළ ප්‍රකාශය අද වනවිට අන්තර්ජාල වබේ අඩවිවලට උණුසුම් පුවතක් වෙලා.
පත්තරේ ලිපිය පළවීමත් එක්ක මටත් දුරකථන ඇමතුම් ගලාගෙන ආවා. හැමෝටම දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ අධ්‍යක්ෂවරු කවුද කියන එකයි.

ඔබට ප්‍රතිචාර දැක්වූ අය මොන විදියේ අදහස්ද ඔබ වෙත දක්වා තිබුණේ?
ඒ විදියේ අයුතු යෝජනා කළ අධ්‍යක්ෂවරුන්ට කෙළින්ම උත්තර දීලා ඒ නිර්මාණවලින් ඉවත්වීම ගැන ගොඩක් අය මට ප්‍රශංසා කර තිබුණා. අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළි නොකිරීම වැරදි බව තවත් අය කියා තිබුණා. ඒ විදියට නම් නොකියා හිටියම හොඳ අධ්‍යක්ෂවරුන්ටත් චෝදනා එල්ල වන්න පුළුවන් නේද කියලා සමහරු මගෙන් ඇහුවා.

ඒ ප්‍රශ්නය නම් සාධාරණයි නේද?
මම කිසිම තැනක සමස්ත අධ්‍යක්ෂවරුන්ට චෝදනා කළේ නැහැනේ. හොඳ අධ්‍යක්ෂවරු ඉන්නවා. මම කතා කළේ නරක අය ගැන. මම ඒ අයගේ නම් හෙළිදරව් නොකළට ඒ පුවත්පත් ලිපිය දැක්කම ඒ අයගේ හෘද සාක්ෂිය ඒ අයට අදාළ සිදුවීම මතක් කරලා දෙයිනේ. මට ඒ ඇති.

මේ විදියට දුරකථන ඇමතුම් දුන්නේ කලා ක්‍ෂේත්‍රයේ සිටින ශෂීගේ හිතවතුන්ද? නැත්නම් රසිකයන්ද?
කලා ලෝකයේ අය වගේම රසික පිරිසත් හිටියා. ඔය අතරේ නිර්නාමික දුරකථන ඇමතුම් කිහිපයකුත් ලැබුණා. ඒ නිර්නාමික ඇමතුම් දුන්න අය නම් දිගින් දිගටම ඇහුවේ ඒ අධ්‍යක්ෂවරුන්ගේ නම් මොනවද කියලා. ඒත් මම ඒ නම් හෙළි කළේ නැහැ. මේ විදියට අධ්‍යක්ෂවරුන්ට චෝදනා කළාම රඟපාන්න අවස්ථා අඩුවෙයි කියලා සමහරු කිව්වා. ඒත් පත්තරේට කරපු ප්‍රකාශය ගැන මම දුක්වන්නේ නැහැ. මොකද නිර්මාණයට මාව අත්‍යවශ්‍ය නම් කොහොමත් මාව ගන්නවා. අර විදියේ අදහස් ඇතුව නිර්මාණවලට මට කතාකරන අධ්‍යක්ෂවරු මේ ලිපිය දැක්කාම මට කතා නොකර ඉඳියි. ඒක මට ප්‍රශ්නයක් නැහැ.

ඉතා ඉහළ මිලක් දුන්නත් නිරුවත, අඩ නිරුවත හෝ සරාගී දර්ශන රඟපාන්නේ නැහැ කියලා කියපු ශෂීගේ ප්‍රතිපත්ති අද වෙනස් වෙලාද?
නැහැ වෙනස් වෙලත් නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. පසුගිය මාස දෙකේ මට රඟපෑමට ආරාධනා ලැබුණේ අඩුවෙන්. ඊට හේතුව මගේ ඔය ප්‍රතිපත්තිය.

‘හීන ගානේ’ රූප රචනයේ ඔබ අමිල කරුණානායක එක්ක සරාගී දර්ශනවලට පෙනී සිටියාද?
එතැන දෙතොල් සිප ගැනීමක් තියා දෙතොල් ස්පර්ශ කිරීමක්වත් වුණේ නැහැ. අපි දෙන්නම හිටියේ ඇඳුම් ඇඳගෙන. කැමරා කෝණ මගින් තමයි සරාගී බව මතුකළේ. නරඹන්නන්ට එහි සරාගී බවක් දැනෙද්දී අපි ගැන වැරදි වැටහීමක්වත් ඇති වුණාද දන්නේ නැහැ. අන්තර්ජාල වෙබ්අඩවි එයට අනවශ්‍ය විදියට වැරදි අදහස් එකතු කරලා. ඒත් අමිලයි මමයි දෙන්නම කවදාවත් එවැනි දර්ශනවලට පෙනී ඉන්න අය නමෛයි.



Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න