පෙම්වතිය පරුෂ වචනයෙන් බැන්නාට දුක සිතී 21 හැවිරිදි තරුණයෙකු ගෙල වැලලාගෙන අවසන් ගමන යයි..!

සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් පෙරේදා (25) රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර වීරපිටිය උදාගම ගම්මානයේ පදිංචිව සිටි සංජීව කුමාර නැමැති 21 හැවිරිදි තරුණියෙකි.
මෙම තරුණයා සහ තවත් පිරිසක් මොණරාගල සිට කෑගල්ල පිණ්දෙනිය පොලිස් වසමේ අලුතින් ඉදිකෙරෙමින් පවතින මාර්ගයක  කම්කරුවන් ලෙස සේවය කරමින් සිට ඇති අතර ඔවුන් පින්දෙණිය ප්‍රෙද්ශයේ තාවකාලික නිවසක පදිංචිව සිට මෙම මාර්ගයේ සිය රැකියාව සිදුකරමින් සිට ඇති බව පින්දෙණිය පොලීසිය කියයි.
තරුණයා දැනට රාගම ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ,ඇය මීට දින කිහිපයක සිට තරුණයා සමග අමනාප වී තරුණයාට දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදීම නිසා තරුණයා සිත් තැවුලට පත්ව ඇත.
පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා සරමක් රැගෙන ගොස් අසල්වැසි ඉඩමක ඉදිකරමින් පවතික නිවසක දෙවැනි මහලේ කම්බියක ගෙල වැලලාගෙන මියගොස් තිබූ අතර තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදු කෙරිණ.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න