"ජනාධිපති තාත්තා" පොත ඇත්තටම ලිව්වේ කවුද ? ප්‍රවීන මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක සියල්ල හෙළි ක‍රයි .!


සැප්තැම්බ‍ර් මාසය සාහිත්‍ය මාසයයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේද සැප්තැම්බර් මාසයේදීයි. එම නිසා සැප්තැම්බර් මාසයේදී පොත් පිළිබදව සමාජයේ වැඩි අවදානයක් යොමු වීම නිරතුරුවම සිදුවේ.
කෙසේ නමුත් මෙවර සාහිත්‍ය මාසයේදී එක් සුවිශේෂී ග්‍රන්ථයක් පිළිබදව සමාජයේ විශේෂ කතිකාවතක් ගොඩ නැගි තිබේ. එනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය , චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත "ජනාධිපති තාත්තා" ග්‍රන්ථයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජිවීතයේ විවිධ අභියෝග හා කම්කටොලු අතරින් ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා කරා පැමිණි ගමන් මග "ජනාධිපති තාත්තා" පොතේ සදහන්ව ඇත. ඒ ජනාධිපතිවරයාගේ අසළම සිට දුක , සතුට බෙදා ගත් වැඩිමහල් දියණිය සිය පියාගේ ජිවීත කතාව දුටු අයුරිනි.

කෙසේ වෙතත් මෙම කෘතිය නිකුත් වීමත් සමගම විවිධ ප්‍රචාර පැතිරෙන්නට වුනා. මේ අතරින් එක ප්‍රචාරයක් වූයේ මෙම ග්‍රන්ථය සැබැවින්ම රචනා කළේ චතුරිකා සිරිසේන මහත්මිය නොව , ප්‍රවීන පුවත්පත් කලාවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා බවයි. මේ පිළිබදව සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමට අප සුනිල් මාධව ප්‍රේමතිලක‍යන් සම්බන්ධ කර ගත්තා. අයහපත් සෞඛ්‍ය තත්වය මධ්‍යයයේ වුව ඒ මහතා අප සමග සුහද සංවාදයකට එක් වුනා.
එහිදි සමාජජාලා මාධ්‍යවල පළ වන "ජනාධිපති තාත්තා" ග්‍රන්ථය සුනිල් මාධව ප්‍රේමතිලක විසින් රචනා කළා යැයි කියන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අප සුනිල් මාධව මහතාගෙන් විමසුවා.

එහිදි ඔහු සමාජජාලා මාධ්‍ය වල පළවන මෙම වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර තමන් හා "ජනාධිපති තාත්තා" ග්‍රන්ථයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද , මෙම ප්‍රචාර තමන්ගේ චරිතයට මඩ ගැසීමේ අරමුණින් කිසිවෙකු හෝ විසින් ගෙතූ කතාවක් බවද අප සමග කියා සිටියා.



සුනිල් මාධව ප්‍රේමතිලක මහතා


Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න