" ලොවම දිනු අපේම සංගාට තවත් ගෞරවයක්" අනිල් කුම්බ්ලේ ඉවත් කර ඔහුගේ ස්ථානය ඉන්දියාවම සංගාට දීලා .!
වසර 2011 දී ක්‍රිකට් ක්‍රීඩාවේ යහගුණය පිළිබඳ ‘කොලින් කවුඞ්රි’ දේශනය කරමින් ක්‍රිකට් ලෝකයම සසළ කළ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර සංගක්කාරට ‘ජග්මෝහන් දල්මියා‘ අනුස්මරණ දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර තිබෙන බව වාර්තා වේ. ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති සව්රව් ගංගුලි විසින් සංගක්කාරට මෙම ආරාධනාව කරනු ලැබ ඇත.
“මම ඔහුට (සංගක්කාරට) කතා කළා. අපි ඉක්මනටම දිනය තහවුරු කරගන්නවා” යැයි ගංගුලි මහතා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය. චතුර කතා ශෛලියක් හිමි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අයකු ලෙස සලකනු ලබන සංගක්කාර 2011 දී කළ ක්‍රිකට් ක්‍රීඩාවේ යහගුණය පිළිබඳ ‘කොලින් කවුඞ්රි’ දේශනය ලෝ පුරා ප්‍රශංසාවට ලක් විට.
බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාව සිටි දල්මියා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් හිටපු සභාපතිවරයෙකි. දල්මියා මහතා 2015 දී මිය යන විට ඔහුට වයස අවුරුදු 75 ක් විය. මේ සුවිශේෂී ක්‍රිකට් පරිපාලන නිලධාරියා අනුස්මරණය කරනු වස් දේශනයක් පැවැත්වීමේ කටයුතූ සූදානම් කිරීමට බෙංගාල ක්‍රිකට් සංගමය අවස්ථා කිහිපයකදී උත්සහ ගත්තද නොවැලැක්විය හැකි හේතූන් මත එම උත්සහයන් ව්‍යර්ථ වී ගියේය. මෙවර ඔහුගේ අනුස්මරණ දේශනය කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් සංචාරය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදීය.
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වූ ඉන්දියා-නවසීලන්ත ටෙස්ට් සංචාරයට පෙර මෙම දේශනය පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහ සභා රැස්වීමද එම කාලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ හෙයින් එම උත්සහය අසාර්ථක විය. මෙම දේශනය සිදු කිරීමට මින් පෙර ආරාධනා කර තිබුනේ අනිල් කුම්බ්ලේටයි. කෙසේ වෙතත් කුමාර් සංගක්කාර ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනා ක්‍රීඩකයෙක් ලෙස ප්‍රසිද්ධ අතර අනිල් කුම්බ්ලේ ඉවත් කර ඒ වෙනුවට මෙම ආරාධනාව ඔහුට ලැබෙන්නේ එම නිසා බව ක්‍රීඩා විචාරකයන් සදහන් කරයි.

Comments
Post a Comment