ලොවම හොල්ලමින් අලුත්ම ඇපල් දුරකථන එළියට - සම්පූර්ණ විස්තර , ලංකාවේ මුදලින් මිළ ගණන් මෙන්න .!
ලෝ ප්‍රකට ඇපල් සමාගම සිය 10 වන සංවත්සරය සමරමින් ඇපල් කාණ්ඩයේ නවතම දුරකථනය වන ඇපල් 8, ඇපල් 8 Plus හා ඇපල් x දුරකථන ඊයේ දිනයේදී හඳුන්වා දෙනු ලැබුවා. එම දුරකථන වල මිළ ගණන් සහ විශේෂාංග ඔබ වෙත ගෙන ඒමට නෙත් ගොසිප් අප තීරණය කළා.
I phone 8 සහ 8 Plus
ඇපල් ඇයි ෆෝන් 8 සහ 8 Plus ජංගම දුරකථන පසුගිය වසරේ එලි දැක්වූ 7 හා 7 Plus සමග සැසදීමේදී ලොකු වෙනස් කමක් දැක ගැනීමට නොහැකි වුවත් නව අංග කිහිපයක්ම ඇපල් සමාගම විසින් එකතුකොට තිබේ. ආලෝකයට සංවේදී වන නව HD Retina Display වලින් නව දුරකථන සමන්විත වන අතර A11 Bionic චිප් එකකින් සමන්විත වනවා. එය A10 චිප් එක සමග සැසඳීමේදී 25% වැඩි වේගයක් අයිෆෝන් 8 වෙත ලබාදී තිබෙනවා.ඉදිරිපස ඇති Stereo Speakers වල ශබ්ධය 25% කින් වැඩි දියුණු කිරීමටද ඔවුන් කටයුතු යොදා තිබෙනවා. බොහෝ ජංගම දුරකථන සමාගම් මෙයට පෙර හඳුන්වා දුන් රැහැන් රහිත චාජ් කිරීමේ පහසුකම ඇපල් මෙවර හඳුන්වා දෙනු ලැබුවා. රැහැන් රහිත චාජ් කිරීමේ පහසුකම් සඳහා ඔවුන් පොදු තාක්ෂණයක් භාවිතා කරන හෙයින් වෙළඳපොලේ දැනට පවතින බොහෝ රැහැන් රහිත දුරකථන චාජර් ඇපල් සඳහා යොදා ගත හැකිවනු ඇත. මෙවර දුරකතනයේ නිමාව වීදුරු සහ ඇලුමිනියම් මිශ්‍රව සකසා ඇති අතර Silver, Space Grey, Gold පහන් ලබාගත හැකිවනවා. ඇපල් 8 දුරකතනයේ මෙගා පික්සල් 12 කැමරාවකින්ද 8 plus දුරකථනය 12 මෙගා පික්සල් කැමරා දෙකකින්ද සමන්විත වනවා.
Iphone 8 - 64 GB - 699$ (ලංකාවේ මුදලින් 110,000 ක් පමණ)
Iphone 8 Plus - 64 GB - 799$ (ලංකාවේ මුදලින් 125,000 ක් පමණ)

Comments
Post a Comment