රටක් කැළඹූ ආන්දෝලනාත්මක විවාහය
රටක් කැළඹූ ආන්දෝලනාත්මක විවාහය
අදාළ සිදුවීම සත්‍ය ලෙස නොව රූපවාහිනී කතා මාලාවකදීයි සිදුවන්නේ.
මෙම සිදුවීම ඇතුලත් දර්ශන සහිත රුපවාහිනී නාට්‍ය විකාශය වී ඇත්තේ ඉන්දියාවේයි.
එම දර්ශන ඇතුලත් නාට්‍ය විකාශය වීමත් සමඟ එරට සමාජයේ මේ පිළිබඳව දැඩි කැළඹීමක් ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙවැනි සිදුවීම් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීම තුලින් දැඩි සමාජය පරිහානියක් සිදුවන බවට පෙන්වා දෙමින් එරට පෞද්ගලික සංවිධානයක් විසින් මෙයට විරුද්ධව ක්‍රියාකරන බවද පවසා තිබෙනවා.
ඒ අනුව අදාළ නාට්‍යයෙන් එම දර්ශනද ඉවත්කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
අදාළ සංවිධානය විසින් මේ පිලිබඳව එරට තොරතුරු හා සන්නිවේදන අමාත්‍යංශයට තොරතුරු වාර්තා කිරීමත් සමඟයි අදාල් නිෂ්පාදකයන් විසින් එම පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව අදාල දර්ශන තුලදී එම දරුවා සහ තරුණිය අතර විවාහය සිදුවන අතර එමගින් ළමා විවාහ සිදුකිරීමට සමාජයේ පෙළඹවීමක් ඇතිකරන බවයි මෙයට විරුද්ධ පාර්ශව එහිදී පෙන්වා දී ඇත්තේ.
එසේම එම දර්ශන තුළ කුඩා දරුවා සහ තරුණිය විසින් ඔවුන්ගේ මධුසමය පිලිබඳවද දෙබස් තිබීමද ඔවුන් දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබෙනවා.







Comments
Post a Comment