"සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා ජාවාරමේ යෙදිලා" ගමෙන් කොළඹ රැකියාවට එන තරුණියන් රවටා ගණිකා ජාවාරමේ යොදවන හැටි .!
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා ජවාරමක් පිළිබදව වාර්තා වෙනවා.
ඒ බත්තරමුල්ල ප්‍රදේශයෙන්.
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නිවසක සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙනුයි මෙම ගණිකා ජාවාරම පවත්වා ගෙන ගොස් ඇත්තේ.
එම ගණිකා නිවාසයේ ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු සහ කලමනාකරු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්.
අත්අඩංගුවට පත් කාන්තාවන් තංගල්ල හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 ක් හා 37 ක් වන වයසේ පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාවන් සිය නිවෙස්වලට පවසා තිබෙන්නේ තමන් කොළඹ රැකියාවන් කරන බවයි.
අත්අඩංගුවට පත් එම මධ්‍යස්ථානයේ කළමණාකරු වයස අවුරුදු 45 ක් වූ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ග්‍රාමීය ප්‍රදේශ වල කොළඹ නගරයට රැකියා කිරීම සදහා පැමිණෙන තරුණියන් හා කාන්තාවන් රවටා මෙලෙස ගණිකා වෘත්තිය සදහා යොදවන සිදුවීම් පසුගිය කාළයේ දිගින් දිගටම වාර්තා වූ අතර මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.

Comments
Post a Comment