ත්‍රිරෝද රථවලට නීති රැසක්! ගැසට් නිවේදනය මෙන්න
පුද්ගලයන් හෝ භාණ්ඩ ප‍්‍රවාහනය කරන ති‍්‍රරෝද රථ සඳහා ටැක්සි මීටරයක් තිබීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඊයේ (08) මධ්‍යම රාත‍්‍රියේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් පුද්ගලයන් හෝ භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමෙන් පසු අදාළ ති‍්‍රරෝද රථ රියැදුරා විසින් රිසිට් පතක් නිකුත් කිරීම ද අනිවාර්ය කර තිබෙනවා.
ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, අය කළ ගාස්තුව සහ ලබාගත් දිනය යන විස්තර ඊට ඇතුළත් විය යුතුයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ති‍්‍රරෝද රථයක මගී මැදිරියේ දකුණුපස පිටවීමේ දොරටුව අර්ධ වශයෙන් හෝ පූර්ණව ස්ථිර ලෙස වසාතැබීම ඇතුළුව තවත් නියෝග ගණනාවක් එම ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
එළැඹෙන ඔක්තෝබර් 01 වැනිදා සිට එම නියෝග කි‍්‍රයාත්මක විය යුතු බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.




Comments
Post a Comment