බංග්ලාදේශයත් රෝහින්යා මුස්ලිම්වරුන් එපා කියයි , බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්යා මුස්ලිම්වරු තිස් දෙනෙක් පොලිස් භාරයේ .! රෝහින්යා මුස්ලිම්වරුන්ගේ මීළග ඉලක්කය ශ්‍රී ලංකාවද ?
මියන්මාරයෙන් සංක්‍රමනය වන රෝහින්යා මුස්ලිම් ගැටලුව , මියන්මාරය අසල
පිහිටි රටවලට හිසරදයක්ව අවසන්. බොහෝ රටවල් සංක්‍රමණික රෝහින්යා මුස්ලිම්
ප්‍රජාව භාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ගේ නවාතැන වූයේ බංග්ලාදේශයයි.
කෙසේ වෙතත් මියන්මාරයේ සිට පැමිණෙන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් භාරගැනීම බංග්ලාදේශයද සීමා කර ඇති තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව, මියන්මාරයේ සෑම ප්රදේශයකින්ම පැමිණෙන රොහින්ග්යාවරුන් වෙනුවට බංග්ලාදේශ රජය විසින් තෝරාගත් ස්ථානවලින් පැමිණෙන සරණාගතයන් පිරිසක් පමණක් භාරගැනීම සිදු කරනු ඇති බව සදහන්.
එහිදී, කොක්ස් බසාර් ප්‍රදේශයේ සිට පැමිණි අය වෙනුවෙන් පමනක් සිය රටේ වාසස්ථාන ලබාදෙන බව බංග්ලාදේශය පවසනවා.
මියන්මාරයේ ජීවත් වූ , එරට පුරවැසියන් ලෙස මියන්මාර රජය නොපිළිගන්නා රෝහින්යා මුස්ලිම්වරුන් මියන්මාරයේ රඛයින් පළාතේ පොලිස් ස්ථාන 30ක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අර්බුදය ඇති විය.
එහිදී, මියන්මාර රජය රෝහින්යා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් පාලනය සඳහා දැවැන්ත හමුදාමය ක්‍රියාමාර්ගයක් ගත් අතර, ඒ සමගම රඛයින් පළාතේ සිටින රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව මෙන්ම, බෞද්ධ ජනතාවද සිය ගම්බිම් අතහැර පළාගොස් ඇති බව සඳහන් වෙයි. නමුත්, මෙම අර්බුදය මියන්මාරය තුළ සිදුවන රොහින්ග්‍යා සංහාරයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම, බටහිර ප්‍රජාව විසින් නඟන චෝදනා මියන්මාර රජය තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එරට නිල නොලත් නායිකාවක් වන අවුන්ග් සාන් සුකී පවසා සිටියේ මේ සම්බන්ධයෙන් දැවැන්ත බොරුවක් බටහිර මාධ්‍ය විසින් මවාපාන බවයි.
එහිදි නොබෙල් සාමා ත්‍යාගලාභී අවුන්ග් සාන් සුකී අවධාරණය කළේ තම රට මානව හිමිකම් හා ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකුට වඩා හොඳින් දන්නා බැවින් ඒ සම්බන්ධයෙන් මියන්මාරයට කිසිවෙකුගෙන්වත් උපදෙස් අවශ්‍ය නොවන බවයි.
කෙසේ වෙතත් බංග්ලාදේශයේද නවාතැන් අහිමි වන රෝහින්යා මුස්ලිම් ප්‍රජාව, මීළගට සංක්‍රමනය වීමට මියන්මාරය අසළ පිහිටි ඕනෑම ආසියාතික රටක් තෝරා ගත හැකි බව බටහිර මාධ්‍ය පවසනවා.පොලිස් වාර්තා අනුව දැනටමත් බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැමිනි රෝහින්යා මුස්ලිම්වරු 30 දෙනෙක් ශ්‍රී ලංකා පොලිස් අත්අඩංගුවේ සිටී. පසුගිය අප්‍රේල් මාසයේ බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැමිණි මෙම 30 දෙනාගෙන් එක් අයෙක් ශ්‍රී ලංකාවේ සරණාගත තත්වය සදහා ඉල්ලුම් කර ඇති බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

Comments
Post a Comment