පොලීසියත් මවිත වෙයි ... රට යන්න ගිය සැමියා ඇඳ යටින් හමුවෙලා - දින ගණනක් ඇඳ යටට වී හිටියේ ඇයි? නුවරින් ඇහෙන අමුතු කතාවක්..!

බිරිඳගේ අනියම් ඇසුරක් අතටම හසු කර ගැනීමට දින කිහිපයක් නිවසේ ඇඳක් යට සිටි සැමියෙකු පිළිබඳ මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
සිද්ධිය මෙසේය.
පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට කාන්තාවක් විසින් දෙන ලද ඇමතුමකට අනුව කියැවී ඇත්තේ තම නිවසේ නිදන කාමරයේ ඇඳක් යට කිසියම් නාඳුනන පුද්ගලයකු සැඟව සිටින බවකි.
ඒ අනුව මහනුවර නගරයට නුදුරු පොලිස් ස්ථානයක නිලධාරීන් වහාම එහි ළඟා වී තිබේ.
එහිදී ගෙහිමි කාන්තාව ප‍්‍රකාශ කර ඇත්තේ තම සැමියා දින කිහිපයකට පෙර විදෙස්ගත වූ බවත් තමා පියා සමග නිවසේ ජීවත් වන බවත්ය.
රාත‍්‍රී මල් පහන් පූජා කිරීමට නිවසේ උඩුමහලට ගිය බවත් එම අවස්ථාවේ කිසියම් පුද්ගලයකු නිවසේ නිදන කාමරයේ ඇඳ යට සැඟව ඇති බව දුටු බවය.
පොලිස් නිලධාරීන් ඇඳ යට පරීක්ෂා කොට සැඟව සිටි පුද්ගලයා එළියට ගෙන තිබේ. එහෙත් එම අවස්ථාවේ සියල්ලන්ම මවිතයට පත්ව ඇත්තේ විදෙස්ගත වීමට ගිය එම කාන්තාවගේ සැමියා එසේ සැඟව සිටීමයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ බිරියගේ අනියම් ඇසුරක් පවතින බවත් එය අල්ලා ගැනීමට මෙසේ ඇඳ යට සැඟව සිටි බවත්ය.
මෙවැනි මිනිසකු සමග තවත් දීග කෑමට නොහැකි යයි පැවසූ බිරිය එම අවස්ථාවේම ත‍්‍රිරෝද රථයක් ගෙන්වා ඇයගේ අනියම් සැමියා සොයා ගොස් තිබේ.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න