ජනපති සමඟ නිව්යෝර්ක් ගිය අනෙක් පිරිස මෙන්න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වෙනි සමුළුව නිව්යෝර්ක්හි පිහිටි එක්සත්
ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී මේ දිනවල පැවැත්වෙනවා.ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා විසින් අද අලුයම සැසිවාරය අමතනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ
දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත්, 2017
වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කරමින් ගෙනයන
වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් එහිදී
එතුමන් විසින් ලෝක නායකයින්ව දැනුවත් කරනු ලැබුවා.
ජනාධිපතිතුමා සමඟ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, පුද්ගලික ලේකම්වරුන් මෙන්ම ජනපති ආර්යාව සහ ජනාධිපතිතුමාගේ වැඩිමල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියද එකතු වී සිටියා. මෙවර සමුළුවේ කටයුතු ආවරණය කිරීම සඳහා මීට දින කිහිපයකට පෙර මාධ්‍ය කණ්ඩායමක්ද ඇමරිකාව බලා ගොස් තිබුනා.

Comments
Post a Comment