බ්ලූ ටූත් උපකරණය කනේ ගහන් උසස් පෙළ ලියපු කොළඹ ප්‍රධාන පාසලක සිසුවාට අමුතු දඩුවමක්. පොදු පරීක්ෂණය ලිවීමටත් අවසර .!

අති නවීන විද්යුත් තාක්‍ෂණික උපකරණයක ආධාරයෙන් උසස් පෙළ විභාගයට
පෙනී සිට හසුවූ ශිෂ්‍යයාට ජීවිත කාලය පුරාවටම විභාග තහනමක් පැනවීමට විභාග
දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට දෙපාර්තමේන්තුවෙන් පවත්වන කිසිදු විභාගයකට පෙනී සිටීමට එම ශිෂ්‍යයාට අවසර ලැබෙන්නේ නැහැ.
සාමාන්‍යයෙන් විද්යුත් උපකරණ ළඟ තබා ගනිමින් පෙනී සිට හසුවන අයදුම්කරුවන්ට පැනවෙන දඬුවම පස් වසරක විභාග තහනමක් වුවද මෙම ශිෂ්‍යයාගේ ක්‍රියාව බරපතළ හෙයින් ඔහුට ජීවිත කාලය පුරාවට විභාග තහනමක් පැනවීමට තීරණය කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පවසන්නේ.
කොළඹ ප්‍රධානම පාසලකින් විභාගයට පෙනී සිටි මෙම ශිෂ්‍යයා ඇතුළු පස් දෙනෙක් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.
ඒ පස්දෙනා අතර උපකාරක පන්ති ගුරුවරයෙකුද වනවා.
එම සිසුවා සිරගතව සිටියදී මෙවර උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණයට පෙනී සිටීමට අධිකරණ අවසරය ලබාගෙන තිබෙනවා.

Comments
Post a Comment