" ක්‍රිකට් රැක ගන්න සංගා, මහේල , පුහුණුකරුවො , තේරීම් කමිටු එකට එක් වේ " සංගා - මහේලත් එන මහා ක්‍රිකට් සමුලුවක් , ඇමති දයාසිරි අන්තිම තුරුම්පුවත් ගසයි ?
" ක්‍රිකට් රැක ගන්න සංගා, මහේල , පුහුණුකරුවො , තේරීම් කමිටු එකට එක් වේ " සංගා - මහේලත් එන මහා ක්‍රිකට් සමුලුවක් , ඇමති දයාසිරි අන්තිම තුරුම්පුවත් ගසයි ?
මේ මස 15 වන දා මෙම සමුළුව බත්තරමුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.
විශේෂ කමිටුව සමන්විත වන්නේ ජාතික ක්‍රීඩා පාලක සභාවේ සභාපති මිල්ටන් අමරසිංහගේ සභාපතිත්වයෙන්, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන සාමාජිකයන්ගෙන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංගක්කාර මහේල ඇතුලු හිටපු නායකයන්, තේරීම් කමිටු හිටපු සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, හිටපු පාලක මණ්ඩල – අතුරු කමිටු සභාපතිවරුන් මෙන්ම ක්‍රිකට් මාධ්‍ය නියෝජිතයන් හා වෙනත් ක්‍රීඩාවන්හි අන්තර්ජාතික අත්දැකීම් ඇති ප්‍රවීනයන්, දිස්ත්‍රික් /පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන් ද ඊට වන බව වාර්තා වෙයි .
මෙම ප්‍රවීණයන්ගෙන් අදහස් හා යෝජනා ගෙන පසුව සවිස්තර වාර්තාවක් සකසා ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දීමට නියමිත අතර මෙරට ජනතාවට හා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඕනෑම අයෙකුට මේ මස 10 වෙනි දාට පෙර ජාතික ක්‍රීඩා සභාව වෙත සිය අදහස් යොමු කළ හැකි බව ද කමිටුව සඳහන් කළා.


Comments
Post a Comment