චාමරගේ "දිලිසෙන්නට පට සිවුරක් " ගීතය සිල් රෙදි නඩුව ගැනද ? ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ 'නෙත් ගොසිප්' වෙත සියල්ල හෙළි කරයි .!
ආන්දෝළණයකට ලක් වූ සිල් රෙදි නඩු තීන්දුව අනුව සිර ගත කළ හිටපු
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට දෙදෙනාට අධිකරණයෙන් නියම වූ
දඩ මුදල් ගෙවීමට මහා සංඝ රත්නය පසුගිය දින පිඩුසිගා වැඩියා.
එහිදි එම භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළේ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට හිටපු රාජ්‍ය සේවකයන් දෙදෙනා සිර ගත වූයේ බෞද්ධ උපාසක මාතාවන්ට සිල් රෙදි බෙදා දීම නිසා වන බැවින් ඔවුන් දෙදෙනාට අධිකරණය නියම කළ දඩ මුදල් ගෙවීම බෞද්ධ ප්‍රජාවේ වගකීමක් බවයි.
කෙසේ වෙතත් මේ පිළිබදව ප්‍රශංසා මෙන්ම අපහාසද ඊට මුල්වූ භික්ෂූන් වහන්සේලාට එල්ල වීම දැක ගත හැකි වුනා. මේ අතර ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ගායනා කරනා ගීතයක් එම භික්ෂූන් වහන්සේලාට අපහාස වන අන්දමේ රූප රචනාවක් සමග සමාජජාලා වෙත නිකුත් වී තිබෙනුද කතාබහට ලක් වූවා. මෙම ගීතය චාමර වීරසිංහ නිකුත් කලේ සැබැවින්ම සිල් රෙදි නඩු තීන්දුව සම්බන්ධ භික්ෂූන් වහන්සේලා පිඩුසිගා වැඩීම පිළිබදවදැයි දැන ගැනීමට නෙත් ගොසිප් අප චාමර වීරසිංහ සම්බන්ධ කර ගත්තා.
එහිදි චාමර වීරසිංහ අප හා ප්‍රකාශ කර සිටියේ මෙම ගීතය වසර පහලොවක් පැරණී ගීතයක් බවත්, එම ගීතය වර්තමානයේ සිදුවන කිසිදු සිදුවීමක් ඉලක්ක කර නිකුත් නොකළ ගීතයක් වන බවයි, තවද මෙම ගීතයට අදාළ රූප රචනාව සෑදු පුද්ගලයන් ගීතයේ පද රචකයා හෝ තමන් දැනුවත් නොකළ බවද චාමර නෙත් ගොසිප් හා කියා සිටියා. එම රූප රචනාව සම්පූර්ණයෙන්ම නිතී විරෝධි කටයුත්තක් බැවින් එයට මුල්වූ පුද්ගලයන් සොයමින් පවතින බවත්, ඔවුන් සොයා ගත් වහාම ගීතය දේශපාලනික කටයුතු වෙනුවෙන් අවභාවිතයට එරෙහිව නිතීමය ක්‍රීයාමාර්ග ගැනීමට පියවර ගන්නා බවත් චාමර වීරසිංහ අප හා කියා සිටියා.
මෙලෙස සිය අනුදැමකින් හෝ අවසරයකින් තොරව ගීතය අවභාවිතා කරමින් රූප රචනාවක් සැදීම පිළිබදව සිය විරෝධය දක්වන බවද අවසානයේ චාමර වීරසිංහ ප්‍රකාශ කළා.

Comments
Post a Comment