" ශ්‍රී ලංකා ක්‍රිකට් අපිට කළ හැකි දේ ඔප්පු කර පෙන්වන්නම් , ඒක ඉක්මනටම හැමෝටම පෙනේවී" ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයග්‍රහනයක් , නායක උපුල් සැමරුවේ මෙහෙමයි .!
එංගලන්ත කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර ඊයේ (19දා) එංගලන්තයේදී
පැවැති එක්දින තරගය පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම 2019 එක්දින
ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට සමත්වී තිබේ.
එංගලන්තය හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග පහ 5-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ජයගත්තානම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වීමට ඉඩක් තිබූ අතර ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි. ඊයේ තරගය පරාජයට පත් වීමත් සමග කොදෙව් කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කර ලෝක කුසලානයේ මූලික වටයට පැමිණීමට සිදුව ඇත. කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති එම තරගයෙන් කඩුලු හතක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ඇත.
මෙලෙස ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ පසු ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමීත ඕවර නායක උපුල් තරංග පවසා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගවලදී සෑම අවස්ථාවකදීම පවා ශ්‍රී ලංකාව විශේෂ දක්ෂතා දක්වා ඇති බවත් එළැඹෙන 2019 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාව එය සිදු කිරීමට සූදානමින් සිටින බවත් ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංග පවසයි. එංගලන්ත හා කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් තරංග මේ බව පවසා ඇත.
“ මේ වන විට ශ්‍රී ලංකාව අමාරු අවස්ථාවක් පසු කරන්නේ. එය රහසක් නෙමෙයි. නමුත් අප කෙරෙහි විශ්වාසය තබන ප්‍රේක්ෂකයන්ට මම ස්තුති කරන්න ඕන. අයි.සී.සී. තරගවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෑම විටම දක්ෂතා පෙන්වූවා. මම එය නැවත වරක් ඔප්පු කර පෙන්වීමට සූදානම්. අපිට ලෝක කුසලානයට පැහැදිලි සැලසුමක් තිබෙනවා. අපි එහි හැම පියවරක්ම ළඟා කරගැනීමට මහන්සියෙන් වැඩ කරනවා. අපි ක්‍රීඩා විවේකගාරයේදී කියන්නේ කුඩා ජයග්‍රහණ ලෙකු ජයග්‍රහණ ගෙනෙනවා කියලයි. ඔබට ශ්‍රී ලංකා ක්‍රිකට් අනන්‍යතාව ඉතාමත් ඉක්මනින් දැක ගැනීමට හැකියාවක් ලැබෙයි.” යැයිද උපුල් දැඩි විශ්වාසයකින් අයිසීසි වෙබ් අඩවියට අදහස් දක්වා තිබුනා.

Comments
Post a Comment