ගෝඨා - ෆොන්සේකා රජ රටින් මහ ඇමති සටනට ...?

මේ වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ නම් උතුරු මැද පළාත් සභාව සඳහා මහ ඇමති අපේක්ෂකවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ඇමති ෆීල්ඩ් මාසල් සරත් ෆොන්සේකා මහතාගේ නමත්,ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නමත් යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

20 සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය සහ ලබන බදාදාට ඉදිරිපත් වන සංශෝධනය පිළිබඳව පාර්ලිමේනේතුවේ අනුමැතිය ලැබීම හෝ නොලැබීම මත පළාත් සභා තුනක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ලැබීමට නියිමිතය.

ඒ අනුව සබරගමුව,උතුරුමැද හා නැගෙනහිර පළාත් සභාවල මැකිවරණය පැවැත්වීමට සිදු වුවහොත් ඒ ඒ පක්ෂ වලින් ඡන්ද සටනට ප්‍රබගයන් ඉදිරිපත් කිරීම ගැන මේ වන විට නාම යොජනා ඉදිරිපත් වෙමින් තිබෙන බව වාර්තාවේ.

උතුරු මැද පළාත් සභාවේ රණවිරු ඡන්ද සහ මායිම් ගම්මාන සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඒ සඳහා ඇමති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ යුතු යැයි එජාප කණ්ඩායමක් යෝජනා කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරමින් ජයග්‍රහණ රැල්ලක් ඇති කර ගත යුතු බව පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂය 2008දී උතුරුමැද පළාත් සභා ප්‍රධාන අපේක්ෂකයා ලෙස මේජර් ජෙනරාල් ජානක පෙරේරා යොමුකළ අතර එහි ඉලක්කය වී තිබුණේද ඒජාපය රැල්ලක් ඔස්සේ ජයල්‍රහණය කිරීමය.

එජාප කණ්ඩායමේ අදහස වී ඇත්තේ ඇමතිසරත් ෆොන්සේකා මහතා මෙම තරඟයට යොමු කළ යුතුව ඇත්තේ ඒ නිසා වන බවය.

මේ අතර 1993දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බස්නාහිර පළාත් සභාවට තරඟ කරමින් ඇතිකළ රැල්ල අනුව මැතිවරණ ජයග්‍රහණ රැල්ලක් ඇති වීම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ උතුරු මැද මැතිවරණට යොමු කොට ජයග්‍රහණය කරවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසකගේ අදහස වී තිබේ.

උතුරුමැද පළාත් සභාවට අමතරව නැගෙනහිර හා සබරගමුව පළාත් සභාවලටද ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්කළ හැකි ජනප්‍රිය පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට ඒ ඒ පක්ෂ අවධානය යොමු කරමින් තිබෙන බවද වාර්තා වේ.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න