තේරීම් කමිටුව දන්නෙත් නැතිලු - ‘ශ්‍රී ලංකා ක්‍රිකට් වලටම ආවේණික වූ ක්‍රමයකින්‘ පාකිස්ථානට එරෙහි සංචිතය තෝරලා..!


මේ මස අගදී පාකිස්තානය සමගින් ආරම්භ වීමට නියමිත තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගැනීමට නම්කරනු ලැබ සිටින ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත සංචිතය තෝරාගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ මැදිහත්වීමකින් තොරව සිදුවී ඇතැයි වාර්තා වේ.
පසුගිය 4 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචිතය ප්‍රකාශට පත් කළේය.කෙසේ වෙතත් ක්‍රිකට් තේරීම් කමිටුව ඒ වන විටත්  නිල වශයෙන් ඉල්ලා අස්වී තිබිණ.
මෙම ක්‍රීඩකයන් 25 දෙනාගෙන් යුත් මූලික සංචිතය තෝරා ගැනීම පිළිබඳව කළ විමසීමේදී තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයෙක් කියා සිටියේ අදාළ සංචිතය තෝරා දෙන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ නමුත් ඒ වන විටත් තමන් ඉල්ලා අස්වී සිටි බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.
“අපි එයාලට කලින්ම දැන්නුවා ඉන්දීය සංචාරයත් සමගින් අපි සියලු දෙනාම ඉල්ලා අස්වෙනවා කියලා. පාකිස්තානු තරගාවලිය තියෙන්නේ අපේ කාල වකවානුවට ඇතුළත්ව නෙමේ. ඒ නිසා අපට ඒ ගැන වගකීමක් ගන්න බෑ” යයි තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයා පැවසීය.
සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අගෝස්තු 29 වැනිදා ඉල්ලා අස්වූයේ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේදී තමන්ගේ කටයුතු අවසන් වන බව නිවේදනය කරමිනි. රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයෝ වූහ.
ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සහ කළමණාකාරීත්වයේ එකඟතාව මත මෙම ක්‍රීඩකයන් 25 දෙනාගේ සංචිතය නම්කරනු ලැබ ඇති බවයි.
ශ්‍රී ලංකා - පාකිස්තානු ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතය මෙසේය.
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ශමින්ද එරංග සහ ධම්මික ප්‍රසාද්

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න