‘‘ හැම අතින්ම ගැළපෙන කෙනෙක් මගේ ජීවිතේට ළං වුණා... ඒ මම හොයපු කෙනා..ඒත් දෙපාර්ශවයේ අය එයාව මගෙන් දුරස් කළා‘‘ - සුරාජ් මාපා
ජීවිතේ කියන්නේ වෙලාවකට දුකක්.වෙලාවකට සතුටක්.මිනිස්සු අපි හැමෝගෙම ජීවිත වලට මේක පොදුයි.අපි ආදරය කරන කලාකරුවන්ගේ ජීවිතත් එහෙමයි. සුරාජ් මාපා කියන්නේ කලාකරුවෙක් ලෙස ගොඩක් අයගේ හිත් වලට ලංවුණු චරිතයක්.ඔහුගේ ජීවිතයට දුක සතුට දැනුන හැටි ගැන පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට...
හරි........ දශක එක හමාරක ඔබේ කලා ජීවිතය තුළ ඔබ අත් විඳපු ලොකුම සතුට යළි මතක් කරන්න කීවොත්?
මම ජනප්‍රිය නළුවා විදියට සම්මාන ලබලා තියෙනවා.කුසලතා සම්මාන ලබලා තියෙනවා. හොඳම නළුවා විදියට නිර්දේශ වෙලත් තියෙනවා. ඒ හැම අවස්ථාවකම මට දැනුණේ පුදුමාකාර සතුටක්. ඒ අතරින් වැඩිම සතුටක් ඇති වුණේ හොඳම නළුවාට නිර්දේශ වූ අවස්ථාවේ හා කුසලතා සම්මාන ලැබූ අවස්ථාවේ. ඊට හේතුව ඒ ඇගයීම් මගේ රංගන කුසලතාවය වෙනුවෙන් ලැබුණු ඇගයීම් නිසා.
කලා ජීවිතය තුළ ඔබ විඳපු ලොකුම දුක මතකද?
පිටින් බලන අයට හරි සුන්දරයි කියලා හිතුනට කලා ලෝකය පුරාම තියෙන්නේ දුක තමයි. එකට ඉන්න අයගෙන් ලැබෙන කැපිලි කෙටිලි, ලැබිය යුතු අවස්ථා අහිමිවීම්...... ඔය අතර සමහර නාලිකා අපිව රවටන අවස්ථා...... ඔන්න ඔය වගේ දේවල් අනන්තවත් මගේ ජීවිතය තුළ සිදුවෙලා තියෙනවා.
රූපවාහිනී නාලිකාවලින් ඔබ රැවටීමට ලක් වුණේ මොන විදියටද?
නාලිකා කිහිපයක් රියැලිටි වැඩසටහන්් කියා මා රැවටීමට ලක්කළ අවස්ථාවන් කිහිපයක් තියෙනවා. ඒත් ඒක ඒ නාලිකාවේ වරද නෙවෙයි. ඒ තුළ සිටින ඇතැම් පුද්ගලයින්ගේ වැරදියි.
ඒ කියන්නේ කලා ජීවිතයේදී සුරාජ් ලොකුම දුක වින්දේ රූපවාහිනී නාලිකාවල සිටින විවිධ පුද්ගලයන් නිසා?
ඒ, එක පැත්තක් විතරයි. මම තවත් දුක හිතුණු සිදුවීමක් කියන්නම්. එක්තරා චිත්‍රපටයකට මට ආරාධනාවක් ලැබුණා. එහි ප්‍රධාන චරිතය මගේ නර්තන හැකියාවන් මතු කරන්න ලැබුණු හොඳ අවස්ථාවක්. ඒත් දින ප්‍රශ්නයක් හින්දා මට ඒ ආරාධනාව භාරගන්න බැරිව ගියා. ඒ නිසා මට ලැබුණු චරිතය වෙනත් නළුවකු රඟපෑවා. ඒ අවස්ථාව අහිමිවීම මට ලොකු දුකක් ඇති කළා.
පෞද්ගලික ජිවිතේ ඔබ අත් විඳපු ලොකුම දුක මොකක්ද?
2016 ජූලි 13 තාත්තාගේ අභාවය සිදු වූ දවස.
දුක ගැන කතා කළා දැන් ඇති. දැන් අපි කතා කරමු පෞද්ගලික ජීවිතේ අත් විඳපු ලොකුම සතුට ගැන?
ආදරේ අරගෙන කාලෙන් කාලෙට අපේ ජීවිතවලට ළං වෙන අය ඉන්නවා. ඔය අතරේ මට හැම අතින්ම ගැළපෙන කෙනෙක් මගේ ජීවිතේට ළං වුණා. ඒ මම හොයපු කෙනා. ඒ අවස්ථාව තමයි ජීවිතේ වැඩියෙන්ම සතුටු වූ අවස්ථාව.
ඔබට ආදරය සතුටක්ද දුකක්ද?
ආදරය කියන්නේ දුක තුළින් විඳින සතුටක්.
ආදරය හින්දා ඔබ වැඩියෙන්ම සතුටු වූ අවස්ථාව මොකක්ද?
පෞද්ගලික ජීවිතේ විඳි ලොකුම සතුට මොකක්ද කියලා අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ තමයි මේ ප්‍රශ්නෙටත් දෙන්න වෙන්නේ.
ආදරය හින්දා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව මතකද?
දෙපාර්ශ්වයේ අය විසින් ඔය කිව්ව කෙනා මගෙන් දුරස් කිරීම.
වැඩියෙන්ම ආදරේ කරපු කෙනා අහිමි වීමෙන් දැනුණු දුක තවමත් සුරාජ් විඳිනවාද?
අහිමි වුණේ නැහැ. ඒත් ඈතයි. අපි දැනට ඔය ගැන වැඩිපුර කතා නොකර ඉමු. මොකද කියනවා නම් අපේ පෞද්ගලික දේවල් මාධ්‍යයට කිව්වාම සමහර වබේ අඩවි ඒවාට විවිධ අයුරින් විවිධ අර්ථකථන දීලා පළ කරනවා. ඒක ඔය හැමදේටම වඩා දුකක්.

Comments
Post a Comment