තරග පාවා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරග තහනම් , චාමර සිල්වාට වසර දෙකක් ක්‍රිකට් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කැකිල්ලේ තීන්දුවක්ද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පවාදීම පිළිබදව සමාජයේ කතිකාවතක් ඇතිව තිබේ. තරග පාවා දුන් ක්‍රීඩකයන්ට දඩුවම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රමාද කරනා බවටද පසුගිය සමයේ ක්‍රිකට් ආයතනයට චෝදනා එල්ල වූවා.
මේ අතර පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කළ ප්‍රිමීයර් ලීග් තරගාවලියේ පානදුර ක්‍රීඩා සමාජය හා කලුතර ක්‍රීඩා සමාජය අතර පැවැත්වුනු තරගයක තරග පවා දීමක් සිදුව ඇති බවට හෙළි වූවා .
මේ පිළිබදව පරීක්ෂණයක් සිදු කර එහි වාර්තාව එළි දැක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල කාළයක් ලබා ගත්
කෙසේ වෙතත් එම පරීක්ෂණයේ ප්‍රථිපලයක් ලෙස තරග පවා දීමට සම්බන්ධ යැයි කියා ක්‍රීඩකයන් දෙදෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් තරග තහනම් පනවා තිබෙනවා.
ඒ අනුව පානදුර ක්‍රීඩා සමාජය හා කලුතර ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයේදී තරග පාවාදීමට වරද කරුවන් වීම හේතුවෙන් එම ක්‍රීඩා සමාජ දෙකේ නායකයන්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මනෝජ් දේශප්‍රිය (කලුතර ක්‍රීඩා සමාජය) හා චාමර සිල්වා (පානදුර ක්‍රීඩා සමාජය) යන ක්‍රීඩකයින්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය යන සියල්ලම තහනම් වෙයි. ඊට අමතරව තවත් විනය ක්‍රියාමාර්ග හතරක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
චාමර සිල්වා ටෙස්ට් තරග 11ක් , එක්දින තරග 75ක් , විස්සයි විස්ස තරග 16කට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් මෙම පාවා දීම් සිදුවූ තරගයේ අවසන් දිනයට චාමර සිල්වා සහභාගී වී නැති බවද සදහන්.
ජාත්‍යන්තර විචාරක , රසල් ආර්නෝල්ඩ් සිය නිළ ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පවසන්නේ චාමර සිල්වා උසස් ගතිගුණ වලින් යුත් ක්‍රීඩකයෙක් බවත් මෙම තීන්දුව තමන්ට හිසරදයක් පවා ඇති කළ බවයි. රසල්ගේ ට්විටර් පණිවිඩයට පිළිතුරු ලබා දුන් රසිකයෙක් සදහන් කර තිබුනේ චාමර සිල්වාට ලැබුනු දඩුවම කැකිල්ලේ නඩු තීන්දුවක් බවයි
රසල්ගේ ට්විටර් පණිවිඩය පහතින්



Comments
Post a Comment