‘‘වෙනදට සෙනග පිරී ඉතිරී යන ක්‍රීඩංගණයක් නේද මේ...බලන්නත් දුකයි‘‘ - ලංකාවේ ක්‍රිකට් ගැන සුපිරි ඉන්දියානු දඟ පන්දු යවන්නා කී සංවේදි කතාව (PHOTOS)
‘‘වෙනදට සෙනග පිරී ඉතිරී යන ක්‍රීඩංගණයක් නේද මේ...බලන්නත් දුකයි‘‘ - ලංකාවේ ක්‍රිකට් ගැන සුපිරි ඉන්දියානු දඟ පන්දු යවන්නා කී සංවේදි කතාව (PHOTOS
ඊයේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලැබූ පරාජයෙන් පස්සේ 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාවත් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වුණා.ඒ විතරක් නෙමෙයි වෙනදට අතුරු සිදුරු නැතිව ප්‍රෙක්ෂකයන්ගෙන් පිරී ඉතිරී යන ප්‍රේමදාස පිටිය ඊයේ හිස් පුටු වලින් පිරිලා තිබුණා.
ලංකාවේ ක්‍රිකට් වලට අත්වෙලා තියන මේ අවාසනාවන්ත ඉරණම ගැන කණගාටු වෙන්නේ ලංකාවේ අපි විතරක් නෙමෙයි.ලංකාවට ආදරය කරන වෙනත් රටවල ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රීඩකයොද ඒ අතර ඉන්නවා.
ඉන්දියානු කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියන දෙයක් ගැන ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කරලා තිබුණා.ඊයේ තරඟයේදී පිටියේ ප්‍රේක්ෂකයන් දැකගන්න නොලැබුණු එක ගැන තමයි ඔහු කියලා තිබුණේ..
‘‘ලංකාවේ ක්‍රිකට් පහළටම වැටිලා තියනවා බලන්නත් දුකයි.. වෙනදට ප්‍රෙක්ෂකයන් පිරිලා ඉන්න ක්‍රීඩංගණයේ අද ප්‍රෙක්ෂකයෙක් දැකගන්නත් අමාරුයි...‘‘ යනුවෙන් ඔහුගේ එම ට්විටර් පණිවුඩයේ සටහන් වෙලා තිබුණා.




Comments
Post a Comment