මුලින් දැම්මා..පස්සේ අයින් කළා..අද කාටවත් නමවත් මතක නෑ - මුරිලිගේ පියා මහානායක හිමිගෙන් කළ සංවේදි ඉල්ලීම.. (PHOTOS)
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණය පිළිබඳ මතක් කිරීමකදී තම
පුත්‍රයාගේ නම හෝ මතක් නොකිරීම සම්බන්ධයෙන් තමා දැඩිව කණගාටුවන බව සුපිරි
දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ පියා වන සින්නසාමි
මුත්තයියා මහතා පවසයි.
පිරිවෙන් 750ක භික්ෂුන් වහනසේලාට පිරිනැමීම සඳහා යෝගා සම්බන්ධව රචනා කරන ලද 'යෝගාසන' නම් කෘතිය එස්. මුත්තයියා මහතා විසින් අද (12දා) මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ වෙත පිරිනැමූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.
පල්ලේකැලේ න්‍රීඩංගණය තම පුත්‍රයා විසින් අරම්භ කළ බවත්, මේ වන විට කාටත් අමතක වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම පල්ලේකැලේ ක්‍රීඩංගණයට තම පුත්‍රයාගේ නම මුලින් යොදා තිබුණද, මේ වන විට එය ඉවත් කර ඇති බවඳ ඔහු මහානායක හිමියන් වෙත සැල කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදාළ බළධාරීන්ට දැනුම් දීමට පියවර ගන්නා බව මහනායක හිමියන් සඳහන් කළේය.

Comments
Post a Comment