‘අපේ හතුරු‘ මග පෙන්වූ බංගලියන්ගේ සුපිරි ජයග්‍රහණය අවතක්සේරු කරලා - ටෙන්ඩුල්කාර්ගේ කතාවකට බංගලාදේශ ක්‍රීඩා ලෝලීන්ගෙන් දැවැන්ත විරෝධයක් (PHOTOS)
‘අපේ හතුරු‘ මග පෙන්වූ බංගලියන්ගේ සුපිරි ජයග්‍රහණය අවතක්සේරු කරලා - ටෙන්ඩුල්කාර්ගේ කතාවකට බංගලාදේශ ක්‍රීඩා ලෝලීන්ගෙන් දැවැන්ත විරෝධයක් (PHOTOS)
බංගලාදේශ කණ්ඩායමේ මෙම ජයග්‍රහණය ඔවුන්ගේ ක්‍රිකට් ලෝලීන් මහත් උද්දාමයෙන් සමරා තිබුණු අතර, කෙදෙව්වන්ගේ සහ බංගලාදේශයේ දක්ෂතා විචාරකයින්ගේ මෙන්ම දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේද පැසසුමට ලක්ව තිබුණා.
සුපිරි ඉන්දීය පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ද මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කර තිබූ අතර ඔහුගේ එම පණිවුඩයට බොහෝ බංගලාදේශ ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය එල්ලවී තිබුණා.
ඔහු එහිදී සඳහන් කර තිබුණේ ‘‘දින දෙකකදී අවුල් දෙකක්..! ටෙස්ට් ක්‍රිකට් දියුණු වනවා‘‘ යන්නයි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ ජය සිය ක්‍රීඩකයින් මහන්සි වී අත්කරගත් ප්‍රතිඵලයක බවත්,එය අහම්බයක්, කණගාටුවක් නොවන බවත් සඳහන් කරමින් බංගලාදේශ ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙක් සචින්ගේ එම ටිවටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වා තිබුණා.


Comments
Post a Comment