‘ලව් ටොෆි’ කා මත් වුනු ගල්කිස්ස බාලිකා පාසලේ සිසුවියන් දෙන්නා කරගෙන තිබු දේ
http://moneysilk.com/?ref=738
මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වුනු පාසැල් සිසුන් පිලිබදව නිතර වරින් වර පාසැල් තුලින් සිදුවීම් වාර්තා උනත් සිසුවියන් පිලිබදව එවැනි සිදුවීම් වාර්තා වන්නේ නෑ.
නමුත් මේ වන විට විවිධ මත්ද්‍රව්‍යන්යට හුරු වුනු පිසුවියන් පිලිබදවත් අවාසනාවන්ත පුවත් පාසැල් තුලින්ද වාර්තා වනවා.
ඒවැනි දැන හෝ නොදැන මත් වන ටොෆි වර්ගයක් ගත් සිසුවියන් දෙන්නකු පිලිබදව සිදුවීමක් ගල්කිස්ස බාලිකා පාසලකින්ද වාර්තා උනා.
ලව්.. යන නමින් ආරම්භ වන නමක් ඇති මෙම ටොෆි වර්ගය සිසුවියන් කෑමට ෙගන තිබුනේ අසල වෙළෙඳ සැලකින්. මෙම ටොෆි වර්ගය කෑමෙන් පසු සිසුවියන් දෙදෙනා අධිකව මත වී අැති අතර පසුව කළුබෝවිල රෝහලට ප්‍රතිකාර සදහා අැතුලත්කර තිබෙනවා.
සිසුවියන්ට ඒම මත් ටොෆි අලෙවි කල වෙළෙඳ සැලේ අයිතිකරුවන් වන දෙහිවල මොහොමඩ් රිස්ලි රිෂාඩ් හා මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රිස්වාන් නමැති සැකකරුවන් මේ මස 19 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ගල්කිස්ස අධිකරණය නියෝග කර ඇත.
පසුගිය 25 වනදා සිද්ධිය සිදුව අැති අතර අදාළ ගල්කිස්ස බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් පොලිසියට මේ ගැන දැනුම් දී තිබෙනවා.
වෙළෙඳ සැලකින් මත් ටොෆි වර්ගය මිලට ගෙන ඒවා කෑමෙන් පසුව මත් වී ඇත්තේ 8 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවියන් දෙදෙනෙකුයි

Comments
Post a Comment