වයසට නොයන්න නම් මෙන්න මේ විදියට ඉන්න

වයසට යනවට කවුද කැමති .ඉතින් හැමදාම තරුණ පෙනුම රැකගෙන ලස්සනට ඉන්න කැමති
අය දැන්ම කියවන්න .
නිතරම රුපවාහිනිය
වුවමනාවට වඩා රුපවාහිනී නැරඹීම සමට කිසි සේත්ම හොඳ දෙයක් නෙවෙයි. දිගු වේලාවක් එකම ඉරියව්වක සිටින නිසා සිරුරටත් විශේෂයෙන් හානි කරයි. ඒ වගේම රුපවාහිනිය නරඹමින් නිතර විවිධ කෙටි කෑම බීම ආහාරයට ගැනීමත් අන්තිම නරකයි. සාමාන්‍යයෙන් නිරෝගී පුගලයකු සතියකට විනාඩි 150 ක් වත් ව්‍යායාම් කළ යුතු අතර එයිනුත් විනාඩි 20 හෝ 30 ක් වේගයෙන් කරන ව්‍යායාම් කළ යුතු වනවා. මේ ව්‍යායාම් අස්ථි ශක්තිමත් කරන අතර දියවැඩියාව සහ හර්ද රෝග වලින් අපව ආරක්ෂා කරනවා. ඉතින් රූපවාහිනියට ඇබ්බැහි වෙන අයට මේ සියල්ලටම කාලය සොයා ගැනීමත් ලොකු ගැටළුවක්.
වැඩිපුර කෝපි
කෝපී වැනි කැෆේන් අධික පාන වර්ග නිසා සම වියලෙනවා. සම වියලීම නිකරුණේ වයස් ගත පෙනුමක් ඇති වීමට හේතුවක්. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ දෛනික ජල අවශ්‍යතාව වීදුරු 6-8 අතර ප්‍රමාණයක්.  නමුත් කෝපි වලට ඇබ්බැහි වූ අයෙක් ඒ ප්‍රමාණයට වඩා ජලය පානය කළ යුතුයි.
මුහුණු පොත
තමන්ගේ ප්‍රශ්න වලට වඩා අනුන්ගේ ප්‍රශ්න ගැන දැන සිටීම සහ ඒවා ගැන වද වීම අපේ මානසික ආතතිය වැඩි කරනවා වගේම මුහුණේ රැළි වැඩි කිරීමට හේතුවක්  බව නුතන පර්යේෂණ ප්‍රකාශ කරනවා .ආතතිය පළමුව පෙනෙන ස්ථානය තමා මුහුණ. ඒ නිසා මුහුණු පොතේ අනවශ්‍ය කරදර ඔලුවට දා නොගෙන ඉන්න.
පැණි රස
දීප්තිමත් සහ නිරෝගී සමක සිහිනය දකින කෙනෙක් ඈත් විය යුතුම දෙය තමා පැණිරස. සමේ ඇති ඉලාස්ටින් හා කොලජන් තන්තු වලට හානි කරන්නට පැණි රසට පුළුවනි.
නිදි වැරීම
හොඳ නින්දක් සහ තරුණ පෙනුම අතර ලොකු බැඳීමක් තියෙනවා.නිසි  නින්දක් නොලැබීමෙන් අකලට වයස් ගත පෙනුමක් ලැබෙනවා.  ඒ වගේම එය තරබාරුවටත් හේතුවක්.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න