නායකත්වයෙන් ඉවත් වීම ගැන උපුල් තරංගගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග 5 ට 0ක් ලෙස පාකිස්තානයට පරාජයට පත්වීමේ වගකීම තමා ඇතුළු සියලු ක්‍රීඩකයන් භාර ගන්නා බව එක්දින පිලේ නායක උපුල් තරංග පවසනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අත්වූ අන්ත පරාජය ගැන අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ තිබෙනවා.
ඔහු පවසන්නේ එක්දින තරගවල දී තම කණ්ඩායම හොඳින් ක්‍රීඩා නොකළ බවයි.
උපුල් තරංග මෙසේ ද ප්‍රකාශ කර තිබෙනවා.
“විශේෂයෙන්ම පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම පරාජයට ප්‍රධාන හේතුවක්. එක්දින තරගාවලියේ දී අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. ලකුණු 75ක් පසු කළේ තරගාවලියේ දී ම පිතිකරුවන් දෙදෙනෙකු පමණයි. සමස්ථයක් ලෙස පාකිස්තානය සියලු අංශවලින් අපට වඩා හොඳින් ක්‍රීඩා කළා”
” ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කරනතුරු මම නායකත්වයේ සිටිනවා. වෙනත් අයෙකු නායකත්ව පත්කරනතුරු තමා එක්දින නායකයා ලෙස ක්‍රියාත්මක වනවා”
පාකිස්තාන ලාහෝර් නුවර දී මේ මස 29 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා -පාකිස්තාන 20 යි 20 තෙවන තරගයට ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සහභාගි නොවීම පිළිබඳව ද උපුල් තරංග අදහස් පළ කළා.
“පාකිස්තානයට නොයාමට තමා ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු තීරණය කළේ තනිකරම පෞද්ගලිකව ගත් තීරණයක් මත මිස වෙනත් කිසිවෙකුගේ බලපෑම් මත නොවෙයි. එහි යන්න කියාලා මගෙන් වගේම අනෙක් ක්‍රීඩකයන් ගෙන් කවුරුත් ඉල්ලා සිටියේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හෝ අපට පාකිස්තානයට යන ලෙසට ඉල්ලීමක් කළේ නෑ. ක්‍රීඩකයන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන්ගේ දෙමාපියන් සමග ක්‍රීඩකයින් සාකච්ඡා කර මේ තීරණය ගත්තා.”
ප්‍රථම හා දෙවන 20යි 20 තරග දෙක මේ මස 26 හා 27 වන දිනවල අබුඩාබිහි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Comments
Post a Comment