ආයෙ යාළු නොවුනොත් කොල්ලො දාලා මරවනවා‘‘ එකොළහ වසරේ අයියාට නංගිලාගෙන් මරණ තර්ජන. හේතුව පෙම් පලහිලව්වක්.
සබරගමුව පැත්තෙ ප්‍රසිද්ධ බාලිකාවක ශීෂ්‍යාවන් හතර දෙනෙක් කරපු අපූරු වැඩක් ගැන තමයි මේ කියන යන්නෙ. මේ පාසලේ එක ශිෂ්‍යයෙක් තවත් ශිෂ්‍යාවක් සමඟ ප්‍රේම සම්බන්දතාවයක් පටන් ගන්නවා.ඒ මීට මාස කිහිපයකට කලින්. නමුත් පසුගිය දිනක යම්කිසි හේතුවක් නිසා ඔවුන් දෙදෙනා අමනාප වී තිබෙනවා.
මේ හේතුව නිසා සිත් තැවුලට පත් ශිෂ්‍යාව දින කිහිපයක් පාසලටද පැමිණ නැහැ. පසුව ඇය විසින් මේ සිදුවීම ඇයගේ හොඳම යහළුවන් හතර දෙනාට පවසා තිබෙනවා. ඒ අනුව ඇයගේ මිතුරියන් සිවු දෙනා 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මෙම ශිෂ්‍යාගේ නිවස සොයාගෙන ගොස් ඔහුට තර්ජනය කර තිබෙනවා.
එහිදී එම ශිෂ්‍යාවන් පවසා ඇත්තේ තම යෙහෙළිය කනස්සල්ලෙන් සිටින බවත් නැවත ප්‍රේම සම්බන්ධතාව ගොඩනඟා ගන්නා ලෙසත් ය. නැවත ඇය සමඟ ප්‍රේම සම්බන්දතාවය පටන් නොගතහොත් තරුණයන් පිරිසක් යොදවා ඔහුට පහර දී ඝාතනය කරන බවද පවසමින් සිසුවියන් පිිරිස ඔහුට තර්ජනය කර තිබෙනවා.
පසුව මේ පිළිබඳව සිසුවා විසින් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. එ අනුව පොලීසිය විසින් සිසුවාත් තර්ජනය කළ සිසුවියනුත් පොලිසියට ගෙන්වා සිද්ධිය සමථයකට පත්කර තිබුනා.
courtesy:neth gossip
Comments
Post a Comment