ස්නානය කර ඇඟ පිසිමින් සිටි නංගිව අපහරණය කර අයියා පහත් ලිංගික ආශාවක් සපුරා ගනී
15 හැවිරිදි තම සහෝදරියට නිවස තුළ දී ලිංගික අතවර කළ 24 හැවිරිදි සහෝදරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න නියම කර තිබේ.
කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචි සැකකරු විවාහකයකු බවත් ඔහු තදින්ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙකු බවත් පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.
අතවරයට ලක් වූ සහෝදරිය ස්නානය කර ඇඟ පිසින සළුව පමණක් ඇඳ සිටිය දී සැකකරුට ඇති වූ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමට ගොස් මෙය සිදු ව ඇති බවයි පරිෂණවලින් අනාවරණ වී තිබේ.
සැකකරු මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කර සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වැඩබලන මහෙස්ත්‍රාත්වරිය මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර ඇත.
මේ අතර අතවරයට පත් දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියම කෙරුණි.
Comments
Post a Comment