ගීතාගේ මන්ත්‍රීකම අහෝසියි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (02) ප‍්‍රකාශයට පත් කළා.
ඒ අනුව ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ.
ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය නීත්‍යනුකූල නොවන බව අභියාචනාධිකරණය තීන්දු කළේ ඉකුත් මැයි මස 03වැනිදායි. ඇය ශ‍්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයකු බැවින් ඇගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් සිව්දෙනකු පෙත්සමක් ගොනුකළා. ඒ 2015 වසරේ මාර්තු මාසයේදීයි.
එහි තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය නියෝග කළේ ගීතා කුමාරසිංහට මන්ත‍්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවයි.
අනතුරුව ඇය අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළා.
ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරිය පිළිබඳ කතාබහක් මතුවීමත් සමග පාර්ලිමේන්තුවේ සෙසු මන්ත‍්‍රීවරුන්ටද ද්විත්ව පුරවැසිභාවය තිබේදැයි සොයාබැලීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.
එහිදී පාර්ලිමේන්තුවේ කිසිඳු මන්ත‍්‍රීවරයකුට ද්විත්ව පුරවැසිභාවය නොමැති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් හෙළිවුණේ.
courtesy:hit news

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න