Posts

Showing posts from November, 2017

ගීතාගේ මන්ත්‍රීකම අහෝසියි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Image
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (02) ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ. ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය නීත්‍යනුකූල නොවන බව අභියාචනාධිකරණය තීන්දු කළේ ඉකුත් මැයි මස 03වැනිදායි. ඇය ශ‍්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයකු බැවින් ඇගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් සිව්දෙනකු පෙත්සමක් ගොනුකළා. ඒ 2015 වසරේ මාර්තු මාසයේදීයි. එහි තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය නියෝග කළේ ගීතා කුමාරසිංහට මන්ත‍්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවයි. අනතුරුව ඇය අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළා. ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරිය පිළිබඳ කතාබහක් මතුවීමත් සමග පාර්ලිමේන්තුවේ සෙසු මන්ත‍්‍රීවරුන්ටද ද්විත්ව පුරවැසිභාවය තිබේදැයි සොයාබැලීමට ආගමන විගමන ...

ස්නානය කර ඇඟ පිසිමින් සිටි නංගිව අපහරණය කර අයියා පහත් ලිංගික ආශාවක් සපුරා ගනී

Image
15 හැවිරිදි තම සහෝදරියට නිවස තුළ දී ලිංගික අතවර කළ 24 හැවිරිදි සහෝදරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න නියම කර තිබේ. කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචි සැකකරු විවාහකයකු බවත් ඔහු තදින්ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙකු බවත් පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ. අතවරයට ලක් වූ සහෝදරිය ස්නානය කර ඇඟ පිසින සළුව පමණක් ඇඳ සිටිය දී සැකකරුට ඇති වූ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමට ගොස් මෙය සිදු ව ඇති බවයි පරිෂණවලින් අනාවරණ වී තිබේ. සැකකරු මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කර සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වැඩබලන මහෙස්ත්‍රාත්වරිය මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර ඇත. මේ අතර අතවරයට පත් දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියම කෙරුණි.

ආයෙ යාළු නොවුනොත් කොල්ලො දාලා මරවනවා‘‘ එකොළහ වසරේ අයියාට නංගිලාගෙන් මරණ තර්ජන. හේතුව පෙම් පලහිලව්වක්.

Image
සබරගමුව පැත්තෙ ප්‍රසිද්ධ බාලිකාවක ශීෂ්‍යාවන් හතර දෙනෙක් කරපු අපූරු වැඩක් ගැන තමයි මේ කියන යන්නෙ. මේ පාසලේ එක ශිෂ්‍යයෙක් තවත් ශිෂ්‍යාවක් සමඟ ප්‍රේම සම්බන්දතාවයක් පටන් ගන්නවා.ඒ මීට මාස කිහිපයකට කලින්. නමුත් පසුගිය දිනක යම්කිසි හේතුවක් නිසා ඔවුන් දෙදෙනා අමනාප වී තිබෙනවා. මේ හේතුව නිසා සිත් තැවුලට පත් ශිෂ්‍යාව දින කිහිපයක් පාසලටද පැමිණ නැහැ. පසුව ඇය විසින් මේ සිදුවීම ඇයගේ හොඳම යහළුවන් හතර දෙනාට පවසා තිබෙනවා. ඒ අනුව ඇයගේ මිතුරියන් සිවු දෙනා 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මෙම ශිෂ්‍යාගේ නිවස සොයාගෙන ගොස් ඔහුට තර්ජනය කර තිබෙනවා. එහිදී එම ශිෂ්‍යාවන් පවසා ඇත්තේ   තම යෙහෙළිය කනස්සල්ලෙන් සිටින බවත් නැවත ප්‍රේම සම්බන්ධතාව ගොඩනඟා ගන්නා ලෙසත් ය. නැවත ඇය සමඟ ප්‍රේම සම්බන්දතාවය පටන් නොගතහොත් තරුණයන් පිරිසක් යොදවා ඔහුට පහර දී ඝාතනය කරන බවද පවසමින් සිසුවියන් පිිරිස ඔහුට තර්ජනය කර තිබෙනවා. පසුව මේ පිළිබඳව සිසුවා විසින්  කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. එ අනුව පොලීසිය විසින්  සිසුවාත් තර්ජනය කළ සිසුවියනුත් පොලිසියට ගෙන්වා සිද්ධිය සමථයකට පත්කර තිබුනා. courtesy:neth gos...