පංච කල්‍යාණය ගැන කතා කිරීමේදී ඡවි නොහොත් චර්ම කල්‍යාණයට විශේෂිත තැනක් හිමිවේ. ස්තී‍්‍ර පුරුෂ ජාති ආගම් භේදයකින් තොරව සියලූ දෙනාම හමේ වර්ණය ගැන හා නීරෝගීකම ගැන ඉමහත් අවධානයක් යොමු කරයි. හමේ වර්ණය කළු සුදු හෝ තලඑළලූ විය හැක. ලප කැලැල්වලින් තොර පැහැපත් හමක් පවතීනම් රූප අලංකාරය මනාව ඔප්නැං වෙයි. ආයුර්වේදයට අනුව හමෙහි පැහැපත් බව වැඩිකරගැනීමට භාවිත කරන ඖෂධ බොහොමයකි . සම අවලස්සන සහ රෝගී කරනා කුරුලෑ නැති කිරීම සඳහා පහත සඳහන් ඖෂධ යොදාගෙන ඔබට ගෙදරදීම අත් බෙහෙතත් සාදා ගත හැක. පිපිඤ්ඤා යුෂ තේ හැඳි 1 යි දෙහි යුෂ තේ හැඳි 1/2 යි එළකිරි මේස හැඳි 1 යි මේ සියල්ල එකට කලවම් කර කොහොඹ කොළ තැම්බූ වතුරෙන් ස්ටීම් කර කුරුලෑ ඇති තැන්වල ආලේප කර විනාඩි 10 කට පමණ පසුව සෝදා හරින්න. අපේ රට උෂ්්ණාධික රටකි. එනිසා නිතරම දහදිය දැමීම සිදුවේ. ගෙල, මුහුණ, කිහිලි, ඉකිලි අත්ල, පියයුරු ප‍්‍රදේශය සහ කලවා ආශි‍්‍රතව ද වැඩි වශයෙන් දහදිය දැමීම සිදුවේ. දහදිය දැමූ පසුව සෑහෙන වේලාවක් ගිය විට කිහිලි ඉකිලි ආදි ස්ථානවලින් දුගඳ හමා එයි. මේ සඳහා බෙලිකොළ, නිිදිකුම්බා, කොහොඹ කොළ තම්බාගත් වතුරෙන් සිරුර සෝදා හරින්න. වෙනිවැල් ...