Posts

Showing posts from September, 2017

"මුල් කාලෙදි අතින් අල්ලන්නත් ලැජ්ජයි. ඒ කාලේ හරිම ලැජ්ජා බයක් තිබුණා. ඒත් දැන්නම් එහෙම ලොකු අවුලක් නෑ" නිළියක් වී පැමිණි ගමනේ අමුතු තැන් සඳනි පතිරණ හෙළි කරපු හැටි .!

Image
පුංචි තිරය හැඩ කරන දඟකාර හැඩකාර හුරුබුහුටි ඇය දැන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සඳනි පතිරණ නමින් කවුරුත් හදුනන ඇය සිය රංගන ජීවිතයේ තොරතුරු හා පෞද්ගලික ජිවීතයේ විශේෂ තොරතුරු ඉරිදා පුවත්පතක් සමග සංවාදයට එක්වෙමින් හෙළි කර තිබුනා. එම සංවාදය පහතින් සඳනි රංගනයට සම්බන්ධ වෙන්නේ කොහොමද?  මම පෙර පාසල් යන කාලෙ පත්තරවල කවර් පේජ් කළා. ඒවා දැකලා මාව වෙළෙඳ දැන්වීම්වලට එහෙම ඉල්ලලා තිබුණා. මුලින්ම වෙළඳ දැන්වීමක් සඳහා සම්බන්ධ වුණේ මම 5 වසරේ ඉද්දි. ලංකා බැංකුවේ‘‘රන් කැකුළු ගිණුම’’ වෙළඳ දැන්වීමට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඒ සඳහා මගෙ වයස ළමයි ගොඩක් සම්බන්ධ වෙලා හිටියා. ඒ පටන්ගත්තු ගමන දැන් වෙළඳ දැන්වීම් කොයිතරම් සංඛ්‍යාවකට දායකවෙලා තියෙනවාද?  වෙළෙඳ දැන්වීම් 15 ක් පමණ කරලා තියෙනවා. අන්තිමට කළේ චොකලට් මාරි වෙළඳ දැන්වීම. ඒ සඳහා නම් ඉතා ඉහළ ප‍්‍රතිචාරයක් තිබුණා. එතකොට මුල්ම ටෙලිනාට්‍ය රංගනය?  රංගනයට යොමුවුණේ නම් 07 වසරේදි. ඒ නාලන් මෙන්ඩිස් මහත්තයාගේ තරු කුමාරි ටෙලිනාට්‍යයට. කොහොමද ඒ පළමු අත්දැකීම?  ඒ නාට්‍යයෙ මම හිටියෙ යශෝධා විමලධර්ම අක්කාගේ පොඩි කාල...

"නිරුවත් වීම කලාවක් , මම නිරුවත් වෙලා කළේ සිගීරි ලලනාවන් කරපු දේයි" මියුසික් වීඩියෝවකට නිරුවත් වූ චමත්කා දැන් කියන කතාව .!

Image
ගීත රුප රචනා හරහා  ජනප‍්‍රියත්වට වු ඇය  චමත්කා ලක්මිණි. ඇගේ රංගනයෙන් හැඩවූ ගීත රූප රචනාවක් පසුගිය සමයේ දැඩි ආන්දෝලනයටද තුඩු දුන්නා. එලෙස ක්ෂේත්‍රයට පැමිණි චමත්කා ලක්මිණි දැන් සිනමාවටද සම්බන්ධ වෙලා. මෙලෙස කලා ලොවේ දිගු ගමනට පියවර තබා ඇති ඇය ඇගේ කලා කටයුතු සහ  පෞද්ගලික තොරතුරු පුවත්පතක් සමග එක්වෙමින් බෙදා හදාගෙන තිබුනා. එම සංවාදය පහතින් ක්‍ෂේත‍්‍රයට ආපු හැටි මතක් කළොත්? මම මුලින්ම අවේ නිරූපණයට, 2015 අවුරුද්දේ මිස් ටීන් ඔෆ් ඒෂියා පැජන්ට් එකට ගියා. ගිය අවුරුද්දේ සයිප‍්‍රස්වල පැවැත්වුණු මිස් ග‍්‍රීන් ටීන්වලට වගේම, මිස් ඒෂියා තරගයට සහභාගී වුණා. මියුසික් වීඩියෝ වලට එකතු වෙන්නේ කොහොමද? ෆයින් මීඩියා එකේ ලක්ෂාන් අයියගේ වැඩකට ගියා. ඊට පස්සේ සිකුරු ලියා ගීතයට රූප රචනය ස`දහා රංගනයෙන් දායක වුණා. චමත්කා ඉදිරියේදී සිනමාවෙනුත් දකින්න පුළුවන් වෙයි ? ඔව්. නාලක විතානගේ මහත්මයාගේ ෆිල්ම් එකක වැඩ කළා. එ්ක බෝහෝ දුරට මේ වසරේ තිරගත වේවි, තවත් ෆිල්ම් එකක වැඩ කළා, දිගටම සිනමාවට සම්බන්ධ වෙලා වැඩකරන්න කැමැත්තෙන් ඉන්නවා. ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්න අද...

අයවැය එනකම් වාහන ගන්න එපා , අයවැයෙන් වාහන මිල වෙනස් වෙන්නේ මෙහෙමයි .!

Image
රථවාහන වලට පනවා තිබූ බදු වැඩි කිරීම සහ එමගින් රථ වාහන මිල වැඩි කිරීම වත්මන් රජයට එල්ල වූ විශාල චෝදනාවකි. කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට සිහිනයක්ව තිබෙනා වාහන සිහිනය තව දුරටත් සිහිනයක් නොවී යථාර්තයක් වීමට යන බවට වන පුවතක් වාර්තා වෙනවා. ඒ අනුව මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථවලට සහ විදුලි මෝටර් රථවලට පනවා ඇති බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ. හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත. මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.

පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව කඩුලූ 04යි ලකුණු 227යි (UPDATE)

Image
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉණිම ක‍්‍රීඩා කරන ශ‍්‍රි ලංකා කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුලූ 04ක්දැවී ලකුණු 227ක් ලබා සිටියා. ශ‍්‍රී ලංකා ඉණිමේ මුල් කඩුලූ 03 දැවී ගියේ ලකුණු 61ක් තුළදියි. දිමුත් කරුණාරත්න ලකුණු 93ක් රැුස් කර සිටියදි දුවද්දී දැවී යාමකට හසුවුණා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 59යි. අනෙක් අන්තයේ නොදැවී ක‍්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42ක් ලබා සිටියා.  ---------------------------------------------------------------- මැදපෙරදිග සටන දැන් ඇරඹුණා - ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී 28-09-2017 11:05 ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත්තා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. මෙම තරගය අබුඩාබි නුවරදී පැවැත්වෙනවා. ..................... ජයග්‍රහණයේ පිපාසය සමග 'ශ්‍රී ලංකාව අද' වැලිකතරේ කි‍්‍රකට් පිටියට 28-09-2017 07:46 ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තර...

පෙම්වතිය පරුෂ වචනයෙන් බැන්නාට දුක සිතී 21 හැවිරිදි තරුණයෙකු ගෙල වැලලාගෙන අවසන් ගමන යයි..!

Image
සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් පෙරේදා (25) රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර වීරපිටිය උදාගම ගම්මානයේ පදිංචිව සිටි සංජීව කුමාර නැමැති 21 හැවිරිදි තරුණියෙකි. මෙම තරුණයා සහ තවත් පිරිසක් මොණරාගල සිට කෑගල්ල පිණ්දෙනිය පොලිස් වසමේ අලුතින් ඉදිකෙරෙමින් පවතින මාර්ගයක  කම්කරුවන් ලෙස සේවය කරමින් සිට ඇති අතර ඔවුන් පින්දෙණිය ප්‍රෙද්ශයේ තාවකාලික නිවසක පදිංචිව සිට මෙම මාර්ගයේ සිය රැකියාව සිදුකරමින් සිට ඇති බව පින්දෙණිය පොලීසිය කියයි. තරුණයා දැනට රාගම ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ,ඇය මීට දින කිහිපයක සිට තරුණයා සමග අමනාප වී තරුණයාට දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදීම නිසා තරුණයා සිත් තැවුලට පත්ව ඇත. පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා සරමක් රැගෙන ගොස් අසල්වැසි ඉඩමක ඉදිකරමින් පවතික නිවසක දෙවැනි මහලේ කම්බියක ගෙල වැලලාගෙන මියගොස් තිබූ අතර තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදු කෙරිණ.

සුපිරි තුන් ඉරියවු ක්‍රිකට් ක්‍රීඩකයා රාත්‍රී සමාජ ශාලාවේදී අත් අඩංගුවට .

Image
පසුගිය දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ඇතැම් ක්‍රීඩකයින්ගේ හැසිරීම් පිලිබඳව විවිධාකාරයේ අදහස් පලවුනා.මේ අතරට එකතුවන අලුත්ම පුවත වන්නේ එංගලන්තයේ සුපිරි තුන් ඉරියවු ක්‍රීඩකයෙකුවන බෙන් ස්ටෝක්න් අතඩංගුවට ගත් පුවතයි.රාත්‍රී සමාජ ශාලාවකදී මෙලෙස ඔහු අත්ඩංගුවට පත් වූ අතර සඳුදා රාතියේ ඔහුව නිදහස් කරනු ලැබුවා. ඔහු මෙලෙස අත්ඩංගුවට පත්වූයේ බ්‍රිතාන්‍යයේ නිරිත දිග බ්‍රිස්බන් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුනු සිදුවීමක් හේතුවෙනුයි.එංගලන්ත කණ්ඩායමේ උපනායකයාද වන්නේ ඔහුයි.බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සමඟ පසුගියදා පැවති තුන්වෙනි එක්දින තරඟයේ ජය සමරමින් සිටින වෙලාවක මෙලෙස ඔහු අත් අඩංගුවට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

බෝවන්නේ බල්ලන්ගෙන් පූසන්ගෙන්.. හඳුනා නොගත්තොත් භයානකයි.. - පණුවෙක් නිසා දඹුල්ල කැළඹෙයි.. (PHOTOS)

Image
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 20කගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ ජීවත් වූ පණුවන් විශේෂයක් සැත්කම් මඟින් මේ වන විට ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරු පවසති. කුඩා දරුවන් දෙදෙනකුගේ පණුවන් ඉවත් කිරීමේ සාර්ථක ශල්‍යකර්මය ඊයේ (26දා) ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූහ. මේ වසර තුළ පුද්ගලයන් 20 දෙනකුට පමණ මේ ආකාරයෙන් සැත්කම් සිදු කොට ශරීර අභ්‍යන්තරයේ සිටි පණුවන් ඉවත් කළ බවට විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා සඳහන් කළේය. මෙසේ ශරීරගත වන පණුවන් අඟල් 3 - 4 - 5ක් දිග සුදු පැහැති පණු විශේෂයක් බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.ශරීරයේ අභ්‍යන්තරයේ විවිධ ස්ථානවල කෝෂ සාදා ගෙන මෙම පණුවන් ජීවත් වන බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.ගෘහස්ථ සතුන්ගෙන් මෙම පණු විශේෂය බොහෝ දුරට ශරීරගත විය හැකි බවත් මදුරු විශේෂයක් මඟින් මෙම පණුවා මිනිසුන්ට ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් වෛද්‍යවරු පවසති. කාන්තා හා පිරිමි භේදයකින් තොරව මෙවැනි රෝගීන් හමුවී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ඊයේ (26දා) සිදුකළ සැත්කමෙන් කුඩා දරුවකුගේ ශරීරයේ සිටි පණුවන් ඉවත් කිරීම වෛද්...

මුහුඳු කොටි දෙවනියා විශේෂ රහස් තොගයක් හෙළි කරයි. මේවා ඇසුවොත් ඔබ පුදුම වේවි.

Image
මුහුඳු කොටි දෙවනියා විශේෂ රහස් තොගයක් හෙළි කරයි. මේවා ඇසුවොත් ඔබ පුදුම වේවි. මුහුදු කොටි දෙවැනියා හෙළිකරන රහස් රට හෙල්ලු සිදුවීමක මං සලකුණු දිගේ මෙවර අප ගියේ එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ සමයේ මුහුදු කොටි බලකායේ නියෝජ්‍ය නායකයාව සිටි ගෝපාල් යෝගේස්වරරාසා හෙවත් සීලන් සොයාගෙනය. සීලන් නමැති මුහුදු කොටි බලකායේ නියෝජ්‍ය නායකයා පදිංචිව සිටින්නේ ත්‍රිකුණාමලය මොරවැව ඩී එක දකුණු කොටසේය. අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය යුධෝපකරණ තොග පිටින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන ඒමට පමණක් නොව ගාල්ල ත්‍රිකුණාමලය හා කොළඹ වරායවල්වලට ප්‍රහාරඑල්ල කිරීමට පවා නායකත්වය දුන් ගෝපාල් යෝගේස්වරරාසා හෙවත් සීලන් සෘජුවම දායකත්වය ලබාදී ඇති මුහුදු කොටි නායකයෙකි. සීලන් එල්ටීටිඊයේ ලුතිනන් කර්නල්වරයෙකි. ඔහුගේ සිරුර පුරාම පාහේ සුවවූ තුවාල කැලල්ය. නාවික හමුදාව සමග ඇති වූ ගැටුම්වලදී ඇති වූ සුවවූ තුවාල කැලැල්ය. මුහුදු කොටි සංවිධානයේ මුහුදු කොටි බළකායේ නියෝජ්‍ය නායකයාව සිටි ​යෝගේස්වරරාසා හෙවත් සීලන් මේ වනවිට පුනරුත්ථාපනය ලබා යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වන්නේ කිරි ගවයන් ඇති කිරීමෙන් හා ගොවිතැන් කිරී...

සෙල්ෆි උන්මාදය නිසා දියේ ගිලෙන මිතුරා නොපෙනෙනු හැටි - ඡායාරූපයේ සියල්ල සටහන් වෙයි (PHOTOS)

Image
මිතුරන් සමග දිය නෑමට ගොස් දියේ ගිලී මියගිය සිසුවෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘සෙල්ෆි’ ඡායාරූපයක් ගැනීමට මිතුරන් පිරිස ඒකරාශී වී සිටියදී එක් සිසුවකු දියේ ගිලෙනු මෙම මිත්‍ර කාණ්ඩයට මග හැරී තිබෙන අතර එම ඡායාරූපයම මේ සම්බන්ධයෙන් සාක්ෂි සපයා තිබේ. පැය කිහිපයක් අතුරුදහන්ව ගිලී සිටි සිසුවාගේ සිරුර පසුව සොයා ගෙන තිබූ අතර 17 හැවිරිදි වයස් කාණ්ඩයට මෙම තරුණයන් අයත් බව සදහන් ය. විශ්වාස් ජී නම් මෙම මිය ගිය 17 හැවිරිදි සිසුවා බෙන්ග්ලාරු ජාතික පාසලේ අධ්‍යාපනය හදාරන්නකු වේ. දිය නෑමෙන් අසල කෝවිලට ගිය සිසුන්ට විශ්වා අතුරුදහන් බව දැනෙන විට ඔහු දියේ ගිලී අවසන් වන අතර ඡායාරූප පිරික්සන අතරේ ඔහු දියේ ගිලී ඇති බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහු ජලාශයේ සෙවීමේදී මළ සිරුර හමුව තිබේ. මහාචාර්යවරයකු ඇතුළු සිසුන් 25ක් මෙම ගමනට සහභාගි වී තිබෙන අතර සිද්ධියෙන් කෝපයට පත් වැසියන් උද්ඝෝෂණ පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘‘දැන් මම ඉන්නෙත් එයත් එක්ක..මේ විදියට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ..අපි අයින් වෙමු ‘‘ කියලා ඔහු නිතර කිව්වා - දසුන්ගේ බිරිඳ සියල්ල හෙළි කරයි (PHOTOS)

Image
දරාගන්න බැරි තරමට සිත් තැවුලක් ඇතිවුණා.. ඒ නිසා මා සියදිවි නසාගන්නවා.. කවුරුත් ඒ ගැන සැකකරන්න එපා... සිය රංගන කුසලාතවයෙන් රසික සිත් සැනසූ දසුන් නිෂාන්ගේ අවසන් වදන් කිහිපය අකුරු බවට පෙරලුනේ එලෙසින්.ඊයේ සවස සියදිවි නසාගැනීමට ප්‍රථමයෙන් ඔහු මේ බව ලිපියක සඳහන් කර තිබුණා.දසුන්ගේ සිතට මේ තරම් දරාගන්න බැරි වුණ දුක මොකද්ද?තමන්ගේම ජීවිතේ නැති කරගන්න තරම්?අද තිබුණු දසුන්ගේ හදිසි මරණ පරීක්ෂණයෙදි මේ ගැටලුවට පිළිතුරු ලැබුණා.ඒ දසුන්ගේම මව කියපු කතාවකින්.. එහිදි ඇය කියපු විදියට දසුන්ට ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා සමගින් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියනවා.ඒ විතරක් නෙමෙයි කාලයක් ඉඳලා ඇයව විවාහ කරගන්න ඕන කියලා දසුන් ඇයට කරදර කරලා තියනවා. ඒත් දසුන් කියන්නේ විවාහකයෙක්.පාසල් කාලයේ ඉඳලා තිබුණු 13වසරක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ ඔහු තරුණියක සමග විවාහ වෙලා තියෙන්නේ කාලෙකට කලින්.ඇය ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක ලෙස සේවය කරනවා. කොහොම හරි දසුන් පහුගිය කාලය පුරාම ශලනි එක්ක විවාහ වෙන්න ඕන  කියලා ඔහුගේ මවට කරදර කියලා තියෙනවා.ඒ කොහොම වුණත් මවගේ කැමැත්ත මේකට ලැබිලා නැහැ. අම්මට විතරක් නෙමෙයි දසුන් තමන්ටත් ම...

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන අවසන් ගමන් යයි (PHOTOS)

Image
නව පරපුරේ නැගී එන නළුවෙකු වූ දසුන් නිෂාන් මීට පැය කිහිපයකට පෙර ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තාවනවා. ඔහුගේ බෝඩිම් කාමරය තුළ ගෙල වැලලාගනිමින් ඔහු මෙසේ මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. ටෙලිනාට්‍ය හා රූප රචනා හරහා ප්‍රේක්ෂක හදවත් දිනා සිටි දසුන් නිෂාන් ඔහු පෙම්කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන සිට ඇති බවද සඳහන්.

පාසැල් සිසුවියන් 250 දෙනෙකු විසින් අල්ලාගෙන සිටිනු දක්නට ලැබුණා.

Image

‘‘මම ඒ මුදල නොදුන්නා නම් අර මිස්ට ඒක ගෙවන්න වෙන්නත් තිබුණා‘‘ - බැංකුවේ සල්ලි බැංකුවටම දුන්නු හිත හොඳ පොළිස් රාළහාමි..!

Image
හලාවත බැංකු ශාඛාවකින් මුදල් ලබා ගැනීමට ගිය අවස්ථාවේදී තමන්ට  හිමි නැති මුදලක් නොසිතූ ලෙසන් තමන් අතට ලැබුණද එස  මුදල ආපසු භාරදුන් නීතිගරුක පොලස් නිළධාරියෙකු පසුගියදා අපට මුණ ගැසිනි. ඔහු නමින් සෝමපාල රන්පිටිගේ නැමති 54 හැවිරිදි පොලිස් නිළධාරියෙකි.මේ වන විට ඔහු කන්තලේ කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයට අනුයුක්ත සැරයන්වරයෙකු ලෙස රාජකාරි කරයි. සෝමපාල මහතා ඔහුගේ අත්දැකීම මෙසේ විස්තර කළේය.. ‘‘...මගේ දරුවෙක් ජපානයේ අධ්‍යාපනය ලබනවා.ඔහුගේ අධයාපන කටයුතු සඳහා මුදල් අප විසින් විටින් විට ඔහු වෙත යවනවා.එසේ මුදල් යවන්නේ මාරවිල පිහිටි බැංකු ශාඛාවක් හරහායි.ඉතින් මම මගේ ගිණුමක් ඇති හලාවත නගරයේ වෙනත් බැංකුවකට ගිහින්  ගිණුමෙන් රැපියල් පන්ලක්ෂ පනස්දහසක (505 000) මුදලක් ආපසු ගනු ලැබුවා. බැංකුව මා වෙත මුදල් ලබාදුන් අවස්ථාවේදී මම එම මුදල ගණන් නොකර මාරවිල බැංකුවට ගෙන ගොස් හලාවත බැංකුවෙන් ගත් මුදලින් රුපියල් පනස්දහසක් අතට ගෙන ඉතිරි මුදල දුන්නා මාරවිල බංකු ශාඛාවට.බැංකුව මා දුන් මුදල ගණන් කිරීමෙන් පසු මෙතැන  රැපියල් පන් ලක්ෂ හතලිස් පන්සහක් තිබෙනවා ලක්ෂ පහක් නේද දිය යුත්තේ ...

ජනපති සමඟ නිව්යෝර්ක් ගිය අනෙක් පිරිස මෙන්න

Image
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වෙනි සමුළුව නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී  මේ දිනවල පැවැත්වෙනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද අලුයම සැසිවාරය අමතනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත්, 2017 වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කරමින් ගෙනයන වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් එහිදී එතුමන් විසින් ලෝක නායකයින්ව දැනුවත් කරනු ලැබුවා. ජනාධිපතිතුමා සමඟ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, පුද්ගලික ලේකම්වරුන් මෙන්ම ජනපති ආර්යාව සහ  ජනාධිපතිතුමාගේ වැඩිමල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියද එකතු වී සිටියා. මෙවර  සමුළුවේ කටයුතු ආවරණය කිරීම සඳහා මීට දින කිහිපයකට පෙර මාධ්‍ය කණ්ඩායමක්ද ඇමරිකාව බලා ගොස් තිබුනා.

" ශ්‍රී ලංකා ක්‍රිකට් අපිට කළ හැකි දේ ඔප්පු කර පෙන්වන්නම් , ඒක ඉක්මනටම හැමෝටම පෙනේවී" ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයග්‍රහනයක් , නායක උපුල් සැමරුවේ මෙහෙමයි .!

Image
එංගලන්ත කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර ඊයේ (19දා) එංගලන්තයේදී පැවැති එක්දින තරගය පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට සමත්වී තිබේ. එංගලන්තය හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග පහ  5-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ජයගත්තානම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වීමට ඉඩක් තිබූ අතර ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි. ඊයේ තරගය පරාජයට පත් වීමත් සමග කොදෙව් කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කර ලෝක කුසලානයේ මූලික වටයට පැමිණීමට සිදුව ඇත. කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති එම තරගයෙන් කඩුලු හතක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ඇත. මෙලෙස ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ පසු ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින්  ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමීත ඕවර නා...

පාකිස්ථානු සංචාරයට යන සිංහ පිළ නම් කරයි - තිරිමාන්නට උසස් වීමක්..!

Image
පාකිස්ථානය හා සමගින් මේ මස 28 වදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කොට තිබෙනවා. මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමාල්ට වන අතර උප නායකත්වය ළහිරු තිරිමාන්නට හිමිව තිබීම විශේෂත්වයක්. සදීර සමරවික්‍රම,රොෂේන් සිල්වා සහ කෞෂාල් සිල්වා යන ක්‍රීඩකයන්ද මෙම සංචිතයට එක්ව තිබෙනවා. පාදයේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට පළමු ටෙස්ට් තරඟය අහිමි වී තිබෙනවා. සම්පූර්ණ සංචිතය පහතින්..

ලලිත්ට සහ අනූෂට ඇප

Image
සිල්රෙදි නඩුවෙන් දඬුවම් නියමවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණයෙන් අද (20) ඇප නියම කර තිබෙනවා. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණය පසුගිය 7 වැනිදා බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා. ඒ අනුව සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින  ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට අධිකරණය හමුවේ ඇප අයදුම් කළා. එහිදී මේ සම්බන්ධයෙන් නීතිපතිට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි එදින කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබුණේ.

"අමාරු අවස්ථාවක් " - ලෝක කුසලාන වරම හිමිවූ බව දැනගැනීමෙන් පසුව තරංග ICCයට කිව්ව දේ

Image
ජාත්‍යන්තර ක්‍රිකට්  කවුන්සිලය සංවිධානය කරන තරගවලදී ශ්‍රී ලංකාව  විශේෂ දක්ෂතා දක්වා ඇති බව එක්දින නායක උපුල් තරංග පවසනවා.  2019 ලෝක කුසලාන තරගාවලියේදී  ශ්‍රී ලංකාව වෙනත් අවස්ථාවල දී මෙන්ම  එලෙස  සූදානමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ අවස්ථාවෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට්  කවුන්සිලයේ  වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් උපුල් තරංග මේබව පවසනවා. ලංකාව  අමාරු අවස්ථාවක් පසු කරන බව  රහසක් නොවන නමුත් තම කණ්ඩායම  කෙරෙහි විශ්වාසය තබන ප්‍රේක්ෂකයන්ට  ස්තුති කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

තරුණ යුවළක් නිවසේ පෙම් කරද්දි පොලීසිය කඩා පැනලා , අසභ්‍ය දර්ශන බැලුවා යැයි චෝදනා .! මානව හිමිකම් කඩවීමක්ද ?

Image
වයස අවුරුදු 21ක තරුණියක් සහ වයස අවුරුදු 24ක තරුණයෙක් , තරුණ‍යාගේ නිවසේ සිටියදි පොලිසීයෙන් කඩා වැදී අත්අඩංගුවට පත් පුවතක් වාර්තා වෙනවා. ඒ බෙලිඅත්ත ප්‍රදේශයෙන්. මෙලෙස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ තරුණ පෙම් යුවළක් වන අතර පසුව තරුණයාගේ ජංගම දුරකථනයේ තිබී අසභ්‍ය දර්ශන හමුවූ බවද සදහන්. කෙසේ වෙතත් සිදුවීම ෆේස්බුක් සමාජජාලා ක්‍රීයාකාරීන් අතර දැඩිව විවේඡනයට ලක්ව තිබෙන අතර ඔවුන් සදහන් කර තිබුනේ පෙම් යුවළක් , තරුණයාගේ නිවසේ රැදි සිටීම කඩා වැදි අත්අඩංගුවට ගැනීමට තරම් වරදක්ද යන්න ය. බෙලිඅත්ත පොලිසීය එම තරුණ පෙම් යුවළට එරෙහිව නඩු පවරා දීමද විශේෂත්වයක්. සිදුවීම සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය විසින් තරුණ පෙම් යුවළගේ මානව හිමිකම් කඩකර ඇත්දැයි සොයා බැලීමට නෙත් ගොසිප් අප මානම හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සම්බන්ධ කර ගත්තා. මෙහිදි ප්‍රතිභා මහානාමහේවා මහතා අප හා කියා සිටියේ එම තරුණ යුවළට තමන්හට අසාධාරණයක් වූවා යැයි හැගේ නම් පොලිසීයට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කර , ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පොලීසිය මානව හිමිකම් කඩ කිරීමක් සිදු කළ බවට ඔප්පු කිරීමෙ...

උදාරී පෙරෙරාගේ සරාගී ඡායාරූප එකතුව (PHOTOS)

Image
නිරූපණ ශිල්පිණි උදාරී පෙරේරාගේ ඡායාරූප එකතුවක් කතාබහට ලක්ව තිබෙනවා. එම ඡායාරූප එකතුව පහතින් නිරූපණය : උදාරි පෙරේරා ඡායාරූපකරණය : රෆායලා ෆ්‍රනාන්දූ

අනියම් පෙමක් නිසා ගාලු දුම්රිය ස්ථානය අද උදේ ගිනියම් වූ හැටි...!

Image
ගාල්ල දුම්රිය ස්ථානයේ අද උදෑසන සිදුවූ පිහි ඇනුමක් නිසා කාන්තාවක් රෝහල් ගත කර තිබෙනවා. මෙම පිහි ඇනුම සිදු කර ඇත්තේ අදාළ කාන්තාවගේ බෑනා බව පොලීසිය පවසනවා. සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගාල්ල නගරයේ රාජ්‍ය ආයතනයක සේවය කරන සිය බිරිද අනියම් සම්බන්ධ‍යක් ඇතැයි කියමින් සැකකරමින් මේ ආකාරයට සිය බිරිදට හා නැන්දම්මාට පිහියෙන් ඇන තිබෙනවා. මෙම පුද්ගලයා , බිරිදට පිහියෙන් ඇත තම බිරිද රැගෙන ගිය බවද ඇසුන් දුටුවෝ සඳහන් කර තිබෙනවා.

"වැරැද්දක් වුනා , සමාවෙන්න" බුකියේ ඇවිළෙන විරෝධය මැද මුල අමතක වූ කතාවට ඔශානි සංදීපාගෙන් පිළිතුරු .!

Image
නැගී එන ගායන ශිල්පි ඔශානි සංදීපා පිළිබදව , ඇ‍යට මුල්ම ගීතය රචනා කර දුන් නව පරපුරේ ගීත රචන ඩිලාන් ගමගේ සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් දැඩි ලෙස කතාබහට ලක් වුනා. එහිදි ඩිලාන් ගමගේ චෝදනා කර තිබුනේ ඔශානි සංදීපාට ජනප්‍රිය වීමට ප්‍රථම ගීතය රචනා කර දුන් තමන්ගෙ සහ එහි තනු නිර්මාණය සිදු කළ අශාන් ප්‍රනාන්දුගේ නම් පවා ඔශානි සංදීපාට දැන් අමතකව ඇති බවයි. කෙසේ වෙතත් චෝදනාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔශානි සංදීපා ප්‍රකාශයක් කර තිබෙනවා. එහිදි ඇය සදහන් කර ඇත්තේ තමන් අතින් වරදක් සිදු වූ බවත් , එම වැරැද්ද නැවත සිදු නොවීමට වගබලා ගන්නා බවයි . කෙසේ වෙතත් මේ පිළිබදව ඔශානි සංදීපා තැබු ෆේස්බුක් සටහනට ෆේස්බුක් සමාජජාලයේ ක්‍රීයාකාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලව තිබෙනු දැක ගත හැකි වුනා. ඔශානි තැබු ෆේස්බුක් සටහන සහ එයට රසිකයන්ගෙන් ලැබුනු ප්‍රතිචාර කිහිපයක් පහතින්

"ලංකාවේ වැඩිම නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගන්න ඕනෑ මමයි , මම ගෙනාපු තරුණ නිළියක් දවස් හතට සල්ලිකාර පෙම්වත්තු හත් දෙනෙක් තියාගෙන හිටියා" සුනිල් ටී ප්‍රනාන්දූ නිළියන්ගේ කැරැට්ටුව හෙළි කරයි .!

Image
ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කර තිබෙන්නේ ඔහු ය. නමින් සුනිල් ටී ප්‍රනාන්දු වන ඔහු නොදන්නා කෙනෙක් සිටිය නොහැකි තරම්. සිනමා කර්මාන්තයේ ජනප්‍රිය නළු නිළියන් අතර ගෙවෙන ඔහුගේ ජිවීතය හා පෞද්ගලික තොරතුරු පිළිබදව පසුගිය දින ඉරිදා පුවත්පතකට ඔහු හෙළිකර තිබුනා. පහතින් දිග හැරෙන්නේ ඔහුගේ එම සංවාදයයි. • ඔබ ආදරය හොඳින් විඳින කෙනෙක් නේද?   අනිවාර්යෙන්ම, මොකද මට තරම් නිළියන්ගේ ආකර්ෂණය වැඩි කෙනෙක් තවත් ඉන්නවා ද දන්නේ නෑ. නිළියෝ විතරක් නෙවෙයි විවිධ ක්ෂේත්‍රවල ඉන්න කාන්තාවන් පවා මාත් එක්ක යාළුකම් පවත්වනවා. විජය කුමාරතුංග, එච් ආර්. ජෝතිපාල, සනත් ගුණතිලක, රන්ජන් රාමනායකට නිළියන්ගෙන්, කාන්තාවන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබුණා කියනවා. ඒ සියලු දෙනාත් මාත් එක්ක ආශ්‍රය කරලා තිබෙනවා. නළුවෙක් නොවී කාන්තාවන්ගේ ආකර්ෂණය දිනාගන්න මට හැකිවී තිබෙනවා. ඒ ගැන අාඩම්බරයක් තිබෙන්නේ. ඉතිං ඒ හින්ද‌ා මම හොඳට ආදරය විඳින කෙනෙක්.   • ඔය විඳින ආදරය මුලින්ම සිතේ හටගත්තේ කොයි කාලයේද? මා හිතන්නේ පාසල් යන කාලයේ. එතකොට අවුරුදු 14-15ත් විතර ඇති. පාසල් කාලයේ ආදර සබඳතා ගොඩක් ...